බොදුබල සේනාව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ.

Thursday, 31 October 2013 - 15:10

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A.
බොදුබල සේනා සංවිධානය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලූ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් මේ වනවිට එම අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. බොදුබල සේනා සංවිධානය අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණියේ අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිළි කරගැනීමටයි. චීවරධාරීන්ගෙන් කතුන්ට සිදුවන හිංසා නිසා විභාග කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි පුවත්පතක් වාර්තා කර තිබුණේ. ඊට පොලිස්පතිවරයාගේ එකඟතාවය පළවී ඇති බවද එම පුවත්පතේ දැක්වුණා. මීට අමතරව බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ශාසනය රැකගැනීම සඳහා ප්‍රමාණවත් වැඩ කොටසක් සිදු නොවන බවටද බොදුබල සේනා සංවිධානය චෝදනා කළා. එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පෙරවරුවේ බුද්ධශාසන අමාත්‍යාංශයට පැමිණීමත් සමග පොලීසිය විසින් ඊට ඇතුලූවීමට ඉඩ ලබාදුන්නේ නැහැ. එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක එම ස්ථානයට පැමිණ භික්ෂූන් වහන්සේලා සාකච්ඡාවක් සඳහා කැඳවාගෙන ගියා. ඒ අනුව මේ වනවිටත් අදාල සාකච්ඡාව පැවැත්වෙන බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.