සමුළුව නිසා කොළඹ දෛනික වැඩවලට බාධාවක් නැහැ.

Friday, 01 November 2013 - 18:52

%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරයේ දෛනික කටයුතු අඩාල නොවන බව තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළා. ඒ, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබද මාධ්‍ය නියෝජිතයන් දැනුවත් කිරීමට අද (01) පැවැති වැඩමුළුවකදියි. එහිදී ඔහු කියා සිටියේ රාජ්‍ය නායකයින්ට පැමිණීම සඳහා ප්‍රධාන මාර්ග 3ක් යොදා ගන්නා බවයි. රාජ්‍ය නායකයින් පැමිණෙන අවස්ථාවල පමණක් එම මාර්ගවල ගමනාගමනය සීමා කරන බව ද ලේකම්වරයා සදහන් කළා. රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන දින කිහිපය තුළ කොළඹ නගරයෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරියේ දී පොලීසිය විසින් ජනතාව දැනුවත් කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.   

මේ අතර, පසුගිය දා ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ තෝරාගත් ප්‍රදේශවලට පමණක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට කටයුතු කරන බවයි.