වීඩියෝ: රනිල්, සජිත්, කරු සාකච්ඡා අදට අවසන්.

Friday, 01 November 2013 - 18:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මඟකට යොමු කිරීම සඳහා යෝජිත නව යාන්ත්‍රණය පිළිබදව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පැවැත්වුණා. මෙහිදී නව යාන්ත්‍රණය සහ ඉදිරි වැඩසැලැස්ම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මීළඟ සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියගේ සභාපතීත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් එක්සත් ජාතික පක්ෂය පත් කර තිබෙනවා. ඒ, කැසිනෝ සම්බන්ධයෙන් වන එම පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමටයි. කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ පිළිබදව කරුණු හෙළි කළ අතර, ඔහු එහිදී අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අභියෝගයක් ද  කළේ තමන් සමඟ ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙසයි.