වීඩියෝ: කම්හල් වසා දමා ආර්ථිකය අඩාල කිරීමේ උත්සාහයක්.

Friday, 01 November 2013 - 19:20

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
කර්මාන්ත ශාලා වසා දමා රටේ ආර්ථිකය අඩපණ කිරීමට දරණ උත්සාහයන් පිළිබඳව අවදානයෙන් සිටින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එය රටේ සංවර්ධනය නතර කිරීමට ගෙන යන වැඩපිළිවෙලක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අගලවත්ත රබර් පර්යේෂණායතනයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (01)  එක්වෙමින්.

මේ අතර, තමන්ට සැබෑ ලෙස සේවය කරන්නා පිළිබදව රටේ ජනතාවට මනා අවබෝධයක් පවතින බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ එම නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටීමට ජනතාව සූදානම් බවයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මතුගම - ඉත්තෑපාන ප්‍රදේශයේ පිහිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර ස්මාරකය අසළ ඉදිකරන ලද කන්නංගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව නිරාවණය කිරීමේ අවස්ථාවට අද (01) එක්වෙමින්.                                                         

මෙම උත්සවයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මතුගම - ඉත්තෑපාන ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඉත්තෑපාන දිස්ත්‍රික් රෝහල වෙත ගිය ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ ප්‍රදානයක් සිදුකළ අතර අනතුරුව එහි ළමා වාට්ටුවේ දරුවන්ගේ සුව දුක් විමසුවා. ඉත්තෑපාන සිරි රේවත පෙර පාසල වෙත ජනාධිපතිවරයා ගියේ ඉන් පසුවයි. ඉත්තෑපාන - කොල්වින් ආර්. සිල්වා විද්‍යාලයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සිසු දරුවන් සහ ආචාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වුණා. මෙම සංචාරයේ දී ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රදේශවාසීන් සමඟ ද අවස්ථා කිහිපයකදී සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. 



[JPG]70499_1[/JPG]
[JPG]70499_2[/JPG]
[JPG]70499_3[/JPG]
[JPG]70499_4[/JPG]
[JPG]70499_5[/JPG]
[JPG]70499_6[/JPG]
[JPG]70499_7[/JPG]
[JPG]70499_8[/JPG]
[JPG]70499_9[/JPG]
[JPG]70499_10[/JPG]
[JPG]70499_11[/JPG]
[JPG]70499_12[/JPG]
[JPG]70499_13[/JPG]