පහේ ශිෂ්‍යත්වය ගැන කැබිනට් මණ්ඩලයේ දැඩි අවධානය.

Saturday, 02 November 2013 - 7:36

%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබද පුළුල් සාකච්ඡාවක් ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. මහරගම පැවැති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කැබිනට් මණ්ඩ රැස්වීමට ද තමන් විභාගය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ මානසික වෛද්‍යවරුන්ගේ උපදෙස් ද ලබා ගනිමින් ඉදිරියේ දී විභාගය පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්විය යුතුද, නොඑසේනම් එය පවත්වන්නේ  කෙසේද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව  කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබදව අප එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ වන විට රාජ්‍ය ආයතන රැසකින් ඒ පිළිබද ලිඛිත කරුණු විමසීමක් සිදුකර ඇති බවයි. ඒවා ලැබුණු පසු අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව සූදානම්.