වීඩියෝ: සංහිඳියාව ඇති කරමු. - ජනපති දීපාවලී පණිවුඩයෙන් කියයි.

Saturday, 02 November 2013 - 7:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ලොව පුරා හින්දු බැතිමතුන් අද (02) දීපාවලී මංගල්‍යය සමරනවා. මෝහයේ අඳුර පරයා, දැනුමේ අලෝකය උදාවීම සහ නපුර පරදා යහපතෙහි ජයග්‍රහණය සහතික කිරීම එමගින් සංකේවත් වනවා.

 

මේ අතර, ප්‍රචණ්ඩ අර්බුදයක් අවසන් වී ඇති අවස්ථාවේ සංහිඳියාවක් ඇති කර ගැනීම තුළින් ප්‍රජාවන් අතරේ අවබෝධය ඇති කිරීමට දීපාවලී දිනය යොදා ගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අදට යෙදෙන දීපාවලී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා සඳහන් කළේ එකමුතුබව වර්ධනයට එය මහඟු අවස්ථාවක් බවයි. දීපාවලී දිනය දයාවේ නියම අර්ථයෙන් සහ ශ්‍රද්ධාවෙන් පිරී පවතින බව ද ජනාධිපතිවරයාගේ පණිවුඩයේ සඳහන්.

 

පළමුව අප වෙතින් ද දෙවනුව සමාජයෙන් ද නපුර ඈත් කරලීම උදෙසා වෙහෙසීමට දීපාවලී දිනය යොදා ගත යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය දීපාවලී පණිවුඩයෙන් සදහන් කරනවා. නපුර පරාජය කර යහපත ජය ගැනීම අද දිනයෙන් සංකේවත් වන බව එහි සදහන්.

 
ජනතා විමුක්ති පෙරමුණ ද දීපාවලී පණිවුඩයක් නිකුත් කළ අතර, ජනතාවට සාමයත්, ආලෝකයත් දිනා ගැනීමට අද (02) දිනය ඉවහල් වූ බව එහි නායක සෝමවංශ අමරසිංහ සදහන් කරනවා. අභියෝග ජය ගැනීමට අදිටන් කර ගන්නා දිනයක් බවට දීපාවලී දිනය පත් කර ගන්නා ලෙසයි ඔහු හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ.