UPDATE : චැනල් ෆෝ උත්සාහය ඵල රහිතයි. දේශහිතෛෂීන්.

Saturday, 02 November 2013 - 9:22

UPDATE+%3A++%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA+%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.
චැනල් ෆෝ නාළිකාව මෙරට අපකීර්තියට පත් කිරීමේ ඵලරහිත උත්සාහයක නිරත වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය  වසන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ චැනල් ෆෝ නාළිකාව නිකුත් කර ඇති නවතම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මෙරට ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකාවක ඝාතනය කළ බව කියන වීඩියෝ පටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පසුගිය 31 වැනිදා එළිදක්වනු ලැබුවා. අනතුරුව චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැකරේ ප්‍රකාශ කළේ එමගින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට පණිවුඩයක් ලබාදෙන බවයි.

එහෙත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ලොව රාජ්‍ය නායකයින් දැනුවත්ව සිටින බවයි.
 

මේ වනවිටත්, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරණය කිරීම සඳහා චැනල් ෆෝ නාලිකාවට අවසර හිමිව තිබෙනවා. කෙසේ වෙතත්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන චැනල් ෆෝ මාධ්‍යවේදීන් රටට එරෙහි කුමන්ත්‍රණයක නිරත වුවහොත් ඔවුන් නෙරපීමට රජය වහාම පියවර ගත යුතු බවයි.

UPDATE : Sunday, 03 November 2013 - 08.08 AM
-----------------------------------------------------

චැනල් ෆෝ ගැන පොදුරද මඩුල්ල දැනුවත් කරනවා - විදේශ අමාත්‍යාංශය.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට සූදානම් වන මොහොතේ චැනල් ෆෝ නාළිකාව ඇතුළු ඇතැම් පාර්ශවයන් විසින් ගෙන යන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාශය පවසනවා. මෙරට ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකාවක ඝාතනය කළ බව කියන වීඩියෝ පටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව එළිදැක්වීම පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ලේකම් කරුණාතිලක අමුණුගම මේ බව සඳහන් කළා.

ශෝබා නොහොත් ඉසෙයිප්‍රියා නමැති කොටි සංවිධානයේ ලූතිනන් කර්නල්වරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව පසුගිය 31 වැනිදා වීඩියෝ පටයක් විකාශය කළා. කොටි හඬ රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සේවය කළ ඇය රඟපෑමේ හා ගීත ගායනයේ ද නිරත වූ බවයි චැනල් ෆෝ වාර්තාවේ දැක්වෙන්නේ. මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැකරේ ප්‍රකාශ කළේ එමගින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට පණිවුඩයක් ලබාදෙන බවයි.

මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අසත්‍ය පදනම් කරගෙන මෙවැනි වීඩියෝ පටයක් නිෂ්පාදනය කර ඇති බවයි.   

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි මත පතුරුවන්නන් පිළිබඳ රජය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි. එමෙන්ම, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට දින කිහිපයක් තිබියදී චැනල් ෆෝ නාළිකාව ඇතුළු පාර්ශව ශ්‍රී ලංකාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බවයි විදේශ අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම තවදුරටත් සඳහන් කළේ.





UPDATE : Saturday, 02 November 2013 - 06.55

-----------------------------------------------------

Saturday, 02 November 2013 - 12.46

චැනල් ෆෝ වෙන් තවත් වීඩියෝවක්. - ඒක බොරුවක් - හමුදාව.

මෙරට ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකාවක ඝාතනය කළ බව කියන වීඩියෝ පටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මගින් දැන් නිකුත් කර තිබෙනවා. ශෝබා නොහොත් ඉසෙයිප්‍රියා නමැති ඇය කොටි සංවිධානයේ ලූතිනන් කර්නල්වරියක් ලෙසයි හඳුන්වා ඇත්තේ. එමෙන්ම, කොටි හඬ රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස සේවය කළ ඇය රඟපෑමේ හා ගීත ගායනයේ ද නිරත වූ බවයි චැනල් ෆෝ වාර්තාවේ දැක්වෙන්නේ. මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව චැනල් ෆෝ අධ්‍යක්ෂ කලූම් මැකරේ ප්‍රකාශ කළේ එමගින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට පණිවුඩයක් ලබාදෙන බවයි. මේ සම්බන්ධයෙන් අප හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම වීඩියෝ පටය අසත්‍ය නිර්මාණයක් බවයි. මෙවැනි නිර්මාණ කිහිපයක්ම පසුගිය කාලයේ දක්නට ලැබුණු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම, මෙමගින් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රටවල නියෝජිතයන්ට බලපෑමක් සිදුකිරීමේ උත්සාහයක ඔවුන් නිරත වන බව ද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියා.

 
මේ වනවිටත්, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරණය කිරීම සඳහා චැනල් ෆෝ නාලිකාවට අවසර හිමිව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා. මාධ්‍ය ආවරණ සඳහා අවසර තිබෙන මාධ්‍යවේදීන්ට හෝ ආයතනවලට ගැටලූවකින් තොරව එය ආවරණ කිරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

UPDATE : Saturday, 02 November 2013 - 12:46
-----------------------------------------------------
චැනල් ෆෝ යළි ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ අරඹයි.
Saturday, 02 November 2013 - 9:22

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් අපකීර්තියට පත්වන ලෙස නිර්මාණය කළ තවත් වීඩියෝ පටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මගින් නිකුත් කර තිබෙනවා. එය මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව නිකුත් කරන ලද්දක් ලෙසයි සැලකෙන්නේ.