UPDATE: පාකිස්ථාන - තලෙයිබාන් නායකයා ඝාතනය ගැන ඇමරිකාවෙන් ප්‍රතිචාර.

Saturday, 02 November 2013 - 17:15

UPDATE%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.

පාකිස්ථාන තලෙයිබාන් නායක හකිමුල්ලා මෙෂූඞ් සිය ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ඇමරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. සිකුරාදා එල්ලවූ ප්‍රහාරයට  පාකිස්ථානය තුළ මතුව ඇත්තේ දැඩි විරෝධයක්. එමෙන්ම ඇමරිකානු ප්‍රහාරය, තලෙයිබාන් සංවිධානය සමග සාමයකට එළඹීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කර ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය චෝදනා කළා. මේ නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තලෙයිබාන් සංවිධානය සහ පාකිස්ථාන රජය අතර සාකච්ඡා පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුත්තක් බවයි. අන්තවාදී ප්‍රචන්ඩත්වය අවසන් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඇමරිකාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම පිළිගන්නා කරුණක් ලෙසයි රාජ්‍ය දෙපාර්තමේන්තුව හැඳින්වූයේ. එමෙන්ම තලෙයිබාන් නායක මෙෂූඞ් ඩ්‍රෝන් ප්‍රහාරයෙන් මියගිය බව තමන්ට තවමත් සනාථ කළ නොහැකි බවද ඇමරිකාව ප්‍රකාශ කළා. කෙසේ නමුත් සිය නායකයාගේ මරණය පාකිස්ථාන - තලෙයිබාන් සංවිධානය විසින්ද පිළිගෙන තිබෙනවා.

Update Sunday, 03 November 2013 - 8:30
---------------------------------------------------------

පකිස්ථානයේ ප්‍රදේශ ගණනාවක ආරක්ෂාව තර කෙරේ.


පකිස්ථානයේ තලෙයිබාන් නායකයා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියයාමෙන් අනතුරුව පකිස්තානු ආරක්ෂක අංශ විසින් එරට ආරක්ෂාව තර කර  ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. තලෙයිබාන් සංවිධානයෙන් කිසියම් කඩාකප්පල්කාරී ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම මත මෙලෙස ආරක්ෂාව තරකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පාකිස්ථාන - තලෙයිබාන් නායක හකිමුල්ලා මෙෂූඞ් ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ ගෝත්‍රික ප්‍රදේශයකදී ඊයේ ඇමරිකානු ඩ්‍රොන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුණා. අද පස්වරුවේ මියගිය තලෙයිබාන් නායකයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බැවින් මෙලෙස ආරක්ෂාව තරකිරීමට පකිස්ථානු ආරක්ෂක බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.