දිවයින පුරා මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි.

Saturday, 02 November 2013 - 18:51

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය කියා සිටියේ වැසිත් සමඟ තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවයි.

මේ අතර, අකුණු සැර වැදීමෙන් ගාල්ල - වඳුරඹ - කිරින්දලහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකු අද (02) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. වඳුරඹ පොලීසිය සඳහන් කළේ වඳුරඹ - කිරින්දලහේන විද්‍යාලය අසල මිතුරන් දෙදෙනෙකු සමග සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි. අකුණු සැර වැදීම හේතුවෙන් ඔහු සමග සිටි තවත් තරුණයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළා. එමෙන්ම, ගාල්ල - පෝද්දල - මීපාවල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්ද අද (02) පස්වරුවේ මියගියේ අකුණු සැර වැදීමෙන්. හලාවත - මුන්දලම ප්‍රදේශය හරහා අද (02) පස්වරුවේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 10 කට පමණ අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.