කලපුවක ගිලී එකම පවුලේ සොහොයුරන් මියයයි.

Sunday, 03 November 2013 - 7:39

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අක්කරෙයිපත්තුව - පනන්කාඩු පාලම අසල පිහිටි කලපුවේ ගිලී එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. වයස අවුරුදු 24 ක සහ 21 ක මෙම සොහොයුරන් දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට අක්කරෙයිපත්තුව රෝහලේ තැන්පත් කර තිබෙනවා. 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා කලපුව අසලින් ගමන් කරන අවස්ථාවේ ඔහුගේ හිස් වැස්ම කලපුවට වැටී ඇති අතර එය ලබාගැනීම සඳහා කලපුවට බැසි අවස්ථාවේ ඔහු දියේ ගිලී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අතුරුදන්වූ තම සොහොයුරා සෙවීම සඳහා 21 හැවිරිදි බාල සොහොයුරාද කලපුවට පැන ඇති අතර ඔහුද එම ස්ථානයේදීම දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ අතර අරණායක ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකුද ඊයේ (02) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.