අද සවසත් ගිගුරුම් සහිත වැසි. අකුණු අවදානමත් තවදුරටත්.

Sunday, 03 November 2013 - 7:48

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.


අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම පිළිබඳ ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඊයේ (02) දිනයේද අකුණු සැර වැදීමෙන් ගාල්ල - පෝද්දල සහ වඳුරඹ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වසරේ මේ දක්වා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 18 ක් වාර්තාවී තිබෙනවා.  

මේ අතර අද පස්වරුවේත් දිවයින පුරා ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ අතර ඊයේ පස්වරුවේ හමාගිය සුළඟකින් මුන්දලම - අගුණවිල ප්‍රදේශයේ නිවාස 19 කට හානි සිදුවුණා. ඒ අනුව පවතින අධික වර්ෂාපතනයත් සමග තද සුළං ද ඇතිවන බැවින් තම නිවාසවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිවාස ආසන්නයේ ඇති ගස් නිවෙස් වෙත කඩා වැටීමේ අවදානමක් පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.