ඉන්දු - ලංකා නාවික හමුදා හමුවක්.

Sunday, 03 November 2013 - 13:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර 23 වන ජාත්‍යන්තර මුහුදු සීමා හමුව පසුගිය පළමුවැනිදා පැවැත්වුනු බව නාවික හමුදාව ප්‍රකාශ කළා. කන්කසන්තුරේට ඔබ්බෙන් වූ ඉන්දු - ලංකා ජාත්‍යන්තර මුහුදු සීමා ප්‍රදේශයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ඉන්දීය නාවික හමුදාවට අයත් සුකන්‍යා නෞකාවේදීයි. මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උතුරු නාවික කලාපයේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් ඞී.එම්.එස්. දිසානායක සහභාගිවී ඇති අතර, තමිල්නාඩු කලාපයේ ඉන්දීය නාවික අණදෙන නිලධාරි කොමදෝරු ඒ.කේ.මහාදේවන් ඉන්දීය නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය දරා තිබෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ, මන්නාරම් බොක්කේ සහ නැගෙනහිර මුහුදේ ධීවර ගැටලූ මෙන්ම, මත්ද්‍රව්‍ය සහ සාමුද්‍රික ජාවාරම් මැඩලීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඉන්දු - ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඉන්දු - ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සාකච්ඡා වසරකට දෙවරක් පැවැත්වෙන අතර, මීළඟ සාකච්ඡාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතදීයි.