අත්තනගල්ල ප්‍රා.සභා සන්ධාන මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට.

Sunday, 03 November 2013 - 19:07

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
අත්තනගල්ල - ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එරික් සුසන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නිට්ටඹුව එක්සත් වෙළද සංගමයේ සභාපති සුරංග පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන්. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුට අමතරව තවත් පුද්ගලයෙකු ඊයේ (02) අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා. ජානක සමන්ත කුමාර නැමැති මෙම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදියි. සැකකරු පොලීසියට සිදුකළ පාපොච්චාරණයකදී හෙළි වී ඇත්තේ ඝාතනය සිදුකිරීම සඳහා ඔහුට අනුබල දී ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බවයි. ඒ අනුවයි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (02) දහවල් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයා ගෙන තිබෙනවා.

 

මේ අතර, නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාගේ පහරදීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පල තමන්ට පසුගියදා වෙළඳසැලකට ගිය අවස්ථාවේදී පහරදුන් බවයි පහරකෑමට ලක්වූ අරුණ බණ්ඩාර ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

                      
මෙම පහරදීම සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පලගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. උප සභාපතිවරයා සඳහන් කළේ තමන් කිසිවෙකුටත් පහර නොදුන් බවත්, තමන්ට පුද්ගලයෙකු බැන වැදුන බවට නාරම්මල පොලිසියේ පැමිණිල්ලක් සිදුකළ බවයි. ඒ අනුව තමන් වෙත දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා. පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිසියේදී පහරදුන් බවට සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය නාරම්මල පොලිසියෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ එවැනි පහරදීමක් පොලිසිය තුලදී සිදුනොවූ බවයි.