වීඩියෝ : අය වැයට සංදර්ශන එපා. - ජවිපෙ.

Sunday, 03 November 2013 - 19:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.
සංදර්ශන සැණකෙලි ආර්ථිකයක් වෙනුවට ඉදිරි අය වැයෙන් ජනතාවට සහන ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ අය වැය යෝජනාවන් තුළින් ජනතාවට සහන නොලැබේ නම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට ද තීරණය කර ඇති බවයි.

තම පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා පවසනවා.ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ විමසීමකට පිළිතුරු දෙමින්.