Update : සීගිරියේ ගැටුම ගැන 8 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී.

Sunday, 03 November 2013 - 20:57

Update+%3A+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
සීගිරිය නැරඹීමට ගිය පුද්ගලයන් පිරිසක් සහ සංස්කෘතික ත්‍රිකෝණයේ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පවසනවා. මෙම ගැටුමේදී තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුළත් කළ දෙදෙනෙකු දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්. ඊයේ පස්වරුවේ සීගිරිය නැරඹීමට ගිය පිරිසක් විසින් සිංහ පාද මතට නැග ඡායාරූප ගැනීම සිදුකිරීමේදී එය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන් සහ එම පිරිස අතර ගැටුමක් හටගත්තා. එයින් තුවාල ලැබූවන් 6 දෙනෙකු සීගිරිය සහ කිඹිස්ස රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
Monday, 04 November 2013 - 01:35
-------------------------------------------------------------------------
සීගිරිය සිංහ පාදය අසල ගැටුමකින් 6 ක් රෝහලේ.
 
සීගිරිය නැරඹීමට ගිය පුද්ගලයන් පිරිසක් සහ සංස්කෘතික ත්‍රිකෝණයේ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් දෙපාර්ශවයේම පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ ඊයේ (03) පස්වරුවේ සීගිරිය නැරඹීමට ගිය මෙම පිරිස  සිංහ පාද මතට නැග ඡායාරූප ගැනීම සිදුකර ඇති බවයි. අනතුරුව එය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන් සහ එම පිරිස අතර ගැටුමක් හට ගෙන තිබෙනවා. තුවාල ලැබූවන් සීගිරිය සහ කිඹිස්ස රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගැටුමට සම්බන්ධ පිරිස පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Monday, 04 November 2013 - 07:25

------------------------------------------------------------------------------

සීගිරියේ දෙපිරිසක් අතර ගැටුමකින් 6ක් රෝහල් ගත කෙරේ.

Sunday, 03 November 2013 - 20:57


සීගිරිය නැරඹීමට ගිය පුද්ගලයන් පිරිසක් සහ සංස්කෘතික ත්‍රිකෝණයේ ආරක්ෂක නිලධාරීන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ අද (03) පස්වරුවේ සීගිරිය නැරඹීමට ගිය මෙම පිරිස  සිංහ පාද මතට නැග ඡායාරූප ගැනීම සිදුකර ඇති බවයි. අනතුරුව එය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන් සහ එම පිරිස අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.