මෙවරත් ඉල් මහ විරු සමරු දෙකක්.

Monday, 04 November 2013 - 12:30

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.
ජනතා විමුක්ති පෙරමුණේ 1987 - 89 සමයේ ඝාතනයට ලක්වූ සාමාජිකයන් සිහි කෙරෙන ඉල් මහ විරු සමරු දෙකක් මෙවරත් ස්ථාන දෙකක පැවැත්වීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන  කරන ඉල් මහ විරු සමරුව පැවැත්වෙන්නේ මාතර නගරයේ වෙරළ උද්‍යානයේයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කරන ඉල් මහ විරු සමරුවේ ප්‍රධාන උත්සවය ගාල්ල නගරයේදී පැවැත්වීමටයි එම පක්ෂය  කටයුතු යොදා ඇත්තේ.

 

මේ අතර පෙරටුගාමී සමාජවාදි පක්ෂය ගාල්ල නගරයේදී ‘‘ඔබ මියගොස් නැත’’ යන තේමාවෙන්්.

 
 1994 වසරේ නොවැම්බර් මස 13 වැනි දින විහාරමහා දේවි උද්‍යානයේදී ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රථම ඉල් මහ විරු සමරුව පැවැත්වූවා. ඉන් අනතුරුව සෑම වසරකම නොවැම්බර් මස 13 වැනිදා පවත්වන ඉල් මහ විරු සමරුව 2011 වසරේදී මුල්වරට සමරු දෙකක් ලෙස පවත්වනු ලැබුවේ එම වසරේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ ජනතා විමුක්ති පෙරමුණෙන් කණ්ඩායමක් ඉවත්වීමත් සමගයි. ඔවුන් ජන අරගල ව්‍යාපාරය ලෙස පළමුව හැඳින්වූ අතර අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගනු ලැබුවා. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2011 වසරේදී ප්‍රථම ඉල් මහ විරු සමරුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වූ අතර දෙවන සමරුව පවත්වනු ලැබුවේ තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදියි.