තවත් වසර 28 කින් බරපතල සමාජ ගැටළුවක්.

Monday, 04 November 2013 - 12:42

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+28+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
මෙරට යැපෙන්නන් සංඛ්‍යාව ඉහළ යාමේ හේතුවෙන් තවත් වසර 28 කින් බරපතල සමාජ ගැටළුවක් උද්ගත විය හැකි බව සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපතිනි සුමනා ආරියදාස පවසන්නේ මේ වනවිට මෙරට වැඩිහිටි ජනගහණය මෙන්ම ළමා ජනගහනයද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව වසර 2041 වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑම පස්දෙනෙකුගෙන් සිව්දෙනෙක් යැපෙන්නන් බවට පත්වීමේ අවදානමක් පවතින බවයි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.

 
මෙම තත්ත්වයත් සමග උද්ගතවිය හැකි සමාජීය වාතාවරණය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වාගෙන් විමසීමක් කළා. එහිදී මහාචාර්යවරයා ප්‍රකාශ කළේ මෙය කඩිනමින් විසඳිය යුතු තත්වයක් වන අතර එය නොසලකා හැරියහොත් අනාගතයේ බරපතල සමාජ ගැටළුවක් උද්ගතවිය හැකි බවයි.