වීඩියෝ: මන්මෝහන්ට කරදර වැඩි වෙයි.

Monday, 04 November 2013 - 19:22

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත එල්ල වන බලපෑම් උත්සන්න වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. තමිල්නාඩුව නියෝජනය කරන ඉන්දීය මුදල් අමාත්‍ය පී. චිදම්බරම් සහ නාවික අමාත්‍ය ජී.කේ. වාසන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළේ කලක සිටයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනි ද ඊට එක්වී සිටින බව ටෘත් ඩයිව් නැමැති  ඉන්දීය පුවත්පත සඳහන් කළා.

ජයලලිතා ජයරාම්ගේ මූලිකත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාව මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ සමුළුවට සහභාගි නොවිය යුතු බවට යෝජනාවක් ද සම්මත කර ගත්තා. තමිල්නාඩුවේ කොංග්‍රස් සහායක පක්ෂය වන ඞී.එම්.කේ පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි සිය පක්ෂයේ ප්‍රචාරක පුවත්පත වන මුරසොලි වෙත පවසා ඇත්තේ චැනල් ෆෝ නාලිකාව නිකුත් කළ නවතම ශ්‍රී ලංකා විරෝධී වීඩියෝපටය සැලකිල්ලට ගෙන හෝ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං  ශ්‍රී ලංකා චාරිකාවෙන් වැළකී සිටිනු ඇති බවයි. ප්‍රබල කොටි නායිකාවක සහ කොටි හඬ ගුවන් විදුලියේ නිවේදිකාවක වූ ඉසෙයිප්‍රියා ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ බවටයි චැනල් ෆෝ නාලිකාව වීඩියෝපටයක් නිකුත් කළේ. කෙසේ නමුත් එය ව්‍යාජ වීඩියෝපටයක් ලෙස හමුදාව විසින් හඳුන්වනු ලැබුවා. ඉන්දීය මුදල් අමාත්‍ය චිදම්බරම්, කරුණානිධි සමඟ සති අන්තයේ දී පැවැත්වූ සාකච්ඡාවේදී ද මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
 

මන්මෝහන් සිංගේ ශ්‍රී ලංකා ගමනට එරෙහිව අලූතින්ම එක්වී ඇත්තේ ඉන්දීය පරිසර ඇමතිනී ජයන්ති නටරාජන්. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග හමුවක් ද ඉල්ලා තිබෙනවා. තමිල්නාඩුවේ විරෝධය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං දැනුවත් කිරීමට අවශ්‍ය බව ද ඇය සඳහන් කළා. කෙසේ නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහභාගි විය යුතු බව යැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

උතුරේ මැතිවරණ පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දුව ඉටු කර ඇති බැවින් සමුළුව සඳහා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහභාගි විය යුතු යැයි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ද පවසා ඇති බව සඳහන්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විදේශ ප්‍රතිපත්ති උපදේශකයන් ද පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බලපාන ගැටළු පිළිබදව ක්‍රියාත්මක වීමට නම් මන්මෝහන් සිං සමුළුවට සහභාගි විය යුතු බවයි.  

මහනුවර අද (04) පැවති උත්සවයකට සහභාගි වෙමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සෑම අතින්ම වාර්තාගත සමුළුවක් වනු ඇති බවයි.

මේ අතර, තමිල්නාඩුවේ තිරුපූර් සහ උදගමණ්ඩලම්හි දුම්රිය සහ බස්නැවතුම්පොල   ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණවල නිරත වූ විවිධ දෙමළ සංවිධානවලට අයත් පුද්ගලයන් 45 දෙනෙකු තමිල්නාඩු පොලිසිය විසින් අද (04) අත්අඩංගුවට ගනු ලැබුවා.