Update : වීඩියෝ : පස් පුද්ගල ඝාතකයාගේ පාපොච්චාරණය 11 වන දා.

Tuesday, 05 November 2013 - 9:03

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+11+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ පසුගිය 5 වන දා සිදුවූ පස් පුද්ගල ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට පාපොච්චාරණයක් ලබාදීමට අවසර ඉල්ලා තිබෙනවා. ඒ, නම්බුකාරගමගේ ජගත් කුමාර නැමැති ඔහු අද (08) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. ඒ අනුව මේ මස 11 වන දා එම පාපොච්චාරණය ලබාදීමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

 
මෙම ඝාතන සිද්ධියෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඊයේ (07) දිනයේදියි. අධිකරණ නියෝග මත පැය 48ක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රදවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ජගත් කුමාර නැමැති ප්‍රධාන සැකකරු අද (08) යළි මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී පොලීසිය කියා සිටියේ මෙම ඝාතන සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවයි. ඔහු තවත් අපරාධවලට සම්බන්ධ වී ඇද්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ මෙහෙය වන බව පොලීසිය එහිදී ප්‍රකාශ කළා. සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටීම ද විශේෂත්වයක්.



/>Update :
Friday, 08 November 2013 - 19:16

-----------------------------------------------------------------------------------------------------------------
අනුරාධපුරයේ ඝාතකයා පාපොච්චාරණයක.

Thursday, 07 November 2013 - 7:14 AM

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිදුවු පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය තුළදී පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) පොලිසියට අවසර ලබා දුන්නා. ඒ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙහිදී, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන සැකකරු වන නම්බුකාරගමගේ ජගත් කුමාර තමන් මෙම ඝාතනය සිදුකළ බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළ බවයි. එහිදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම ත්‍රිරෝද රථය පොලිසියෙන් බේරා ගැනීම සඳහා මුදල් අවශ්‍ය කළ හෙයින් මෙම ඝාතනය සිදුකළ බවයි. එහිදී නිවසේ නින්දේ සිටි පුද්ගලයන්ට තමන් මන්නයකින් පහර දුන් බව පොලිසිය හමුවේ සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

 

මෙම සැකකරු පොලිසිය පෙරේදා (05) රාත්‍රි 7ට පමණ අත්අඩංගුවට ගත්තේ මහියංගනය - හසලක ප්‍රදේශයෙන්. අනතුරුව ඝාතනයට ලක්වු පුද්ගලයන්ට අයත් රන් මාල 04 ක්, රන් අත් පළඳනාවක් සහ මුදුවක් පොලිසිය සොයා ගත්තා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයෙන් පසු ඔහු විසින් රැගෙන පළාගිය රුපියල් එක්ලක්ෂ 53,750 ක පමණ මුදලක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

 

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණු කාන්තාවන් 03 දෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු පොලිසිය සොයා ගත්තේ පෙරේදා උදෑසනයි.





Update : Thursday, 07 November 2013 - 7:14 AM
---------------------------------------------------------------------------
පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු තවත් පැය 24 ක් පොලීසියේ.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිදුවු පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට අවසර ලබා දුන්නා. ඒ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙහිදී, පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන සැකකරු වන නම්බුකාරගමගේ ජගත් කුමාර තමන් මෙම ඝාතනය සිදුකළ බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි කළ බවයි. සැකකරුගේ ජංගම දුරකථනයෙන් ලබාගෙන ඇති සහ ඊට ලැබී ඇති ඇමතුම් සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සියලූ දුරකථන සමාගම්වල කළමනාකාරීත්වයටද මෙහිදී විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරු පොලිසිය ඊයේ රාත්‍රි 7ට පමණ අත්අඩංගුවට ගත්තේ මහියංගනය - හසලක ප්‍රදේශයෙන්. අනතුරුව ඝාතනයට ලක්වු පුද්ගලයන්ට අයත් රන් මාල 04 ක්, රන් අත් පළඳනාවක් සහ මුදුවක් පොලිසිය සොයා ගත්තා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයෙන් පසු ඔහු විසින් රැගෙන පළාගිය රුපියල් එක්ලක්ෂ 53,750 ක පමණ මුදලක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනයකර තිබුණේ 40 හැවිරිදි ඉන්දුමතී ශ්‍රියාණි, 23 හැවිරිදි සුමිත් උදයකුමාර, 13 හැවිරිදි තක්ෂිලා කුමුදුකුමාරි, 61 හැවිරිදි පී. පේමලතා, සහ 25 හැවිරිදි ආර්. ප්‍රියන්ත නැමැත්තායි.

කෙසේ වෙතත් සැකකාර ජගත් කුමාර නැමැත්තා මුලින්ම ඝාතනය කර ඇත්තේ ප්‍රියන්ත නැමැත්තගේ මව බවත් ඔවුන් හසලක ප්‍රදේශයේ තමන් පදිංචිව සිටි ඉඩම විකුණා රැගෙන ආ මුදල් සොරකම් කිරීම සැකකරුගේ අරමුණ වී තිබූ බවත් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. හිටපු සෙබලෙකු වන ජගත් කුමාර ණය බරින් පෙළෙන්නෙකු නිසා ණය වී ලබාගත් ත්‍රිරෝද රථයට වාරික ගෙවාගැනීමට නොහැකිවී සිට ඇති බවද පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.



 Wednesday, 06 November 2013 - 07.02 PM

------------------------------------------------------

අනුරාධපුර ඝාතනයේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිදුවු පස් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහු සතුව තිබී රන් භාණ්ඩ සහ මුදල් තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙම සැකකරු පොලිසිය ඊයේ (05) රාත්‍රි 7ට පමණ අත්අඩංගුවට ගත්තේ මහියංගනය - හසලක ප්‍රදේශයෙන්. අනතුරුව ඝාතනයට ලක්වු පුද්ගලයන්ට අයත් රන් මාල 04 ක්, රන් අත් පළඳනාවක් සහ මුදුවක් පොලිසිය සොයා ගත්තා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයෙන් පසු ඔහු විසින් රැගෙන පළාගිය රුපියල් එක්ලක්ෂ 53,750 ක පමණ මුදලක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් පසුව අද දිනයේම නම්බුකාරගමගේ ජගත් කුමාර නැමැති ප්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

 

මේ අතර, සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණු කාන්තාවන් 03 දෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු පොලිසිය සොයා ගත්තේ ඊයේ උදෑසනයි. එහිදී තුවාල ලබා සිටි කේ.ඒ.පියදාස නැමැති නිවෙසේ හිමිකරු බරපතල තත්ත්වයෙන්  මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Wednesday, 06 November 2013 - 12:48 PM

------------------------------------------------------

අනුරාධපුර පස් පුද්ගල ඝාතනයේ තවත් දෙදෙනෙකු සොයයි.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් ඊයේ සොයාගත් ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සිද්ධියට සම්බන්ධ ජානක සහ රුවන්සිරි නැමැති තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. තවත් එක් සැකකරුවෙකු ඊයේ (05) පස්වරු 7ට පමණ අත්අඩංගුවට ගත්තා. නම්බුකාරගමගේ ජගත් කුමාර නැමැති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්, පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් 03 අඛණ්ඩව පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

 
අදාළ නිවසින් කාන්තා මළ සිරුරු 03 ක් සහ පිරිමි මළ සිරුරු දෙකක් මෙලෙස සොයාගනු ලැබුවේ ඊයේ උදෑසන කාලයේදීයි. එකම පවුලේ පිරිසක් මෙලෙස ඝාතනයට ලක්වී තිබූ අතර 40 හැවිරිදි මව, 23 හැවිරිදි පුතා සහ 13 හැවිරිදි දියණිය ඒ අතර සිටියා. මිය ගිය කාන්තාවගේ 61 හැවිරිදි සොහොයුරිය සහ ඇයගේ පුතා ද ඝාතනයට ලක්වූවන් අතර සිටින බවයි පොලීසිය පවසන්නේ. මේ අතර, කේ.ඒ.පියදාස නැමැති නිවෙසේ හිමිකරු සිද්ධියෙන් බරපතල තුවාල ලබා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Wednesday, 06 November 2013 - 7:39 AM
-------------------------------------------------------
අනුරාධපුර ඝාතන සිද්ධියේ නවතම තොරතුරු.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් අද (05) සොයාගත් ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අද (05) පස්වරු 7 ට පමණ අත්අඩංගුවට ගත්තා. නම්බුකාරගමගේ ජගත් කුමාර නැමැති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හසලක ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්, පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් 03 අඛණ්ඩව පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. ජානක සහ රුවන්සිරි නැමැති තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.



Tuesday, 05 November 2013 - 7:58 PM

--------------------------------------------------------------------

අනුරපුර ඝාතනවල සැකකරුවෙකු හසලකදී කොටුවෙයි.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් අද (05) සොයාගත් ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත්තා. ඒ, හසලක ප්‍රදේශයෙන්. කෙසේ වෙතත්, පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් 03 අඛණ්ඩව පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

Tuesday, 05 November 2013 - 7:43 PM

--------------------------------------------------------------------

අනුරාධපුර ඝාතන සොයන්න පොලිස් කණ්ඩායම් 03 ක්.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසකින් අද (05) සොයාගත් ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් වන ඉදිරි පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් පත්කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි. තියුණු ආයුධයක් උපයෝගී කරගනිමින් මෙම ඝාතන සිදුකර ඇති බව දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

අදාළ නිවසින් කාන්තා මළ සිරුරු 03 ක් සහ පිරිමි මළ සිරුරු දෙකක් මෙලෙස සොයාගනු ලැබුවේ අද (05) උදෑසන කාලයේදීයි. එකම පවුලේ පිරිසක් මෙලෙස ඝාතනයට ලක්වී තිබූ අතර 40 හැවිරිදි මව, 23 හැවිරිදි පුතා සහ 13 හැවිරිදි දියණිය ඒ අතර සිටියා. මිය ගිය කාන්තාවගේ 61 හැවිරිදි සොහොයුරිය සහ ඇයගේ පුතා ද ඝාතනයට ලක්වූවන් අතර සිටින බවයි පොලීසිය පවසන්නේ. මේ අතර, කේ.ඒ.පියදාස නැමැති නිවෙසේ හිමිකරු සිද්ධියෙන් බරපතල තුවාල ලබා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අවට නිවෙස්වල සිටින කිහිප දෙනෙකුගෙන්ද අනුරාධපුර පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගත්තා. මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, දිසා විනිසුරු රුවන්දිකා මාරපන අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් අද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

කෙසේ වෙතත්, තුවාල ලබා රෝහල්ගතව සිටින නිවෙස් හිමි පුද්ගලයා මේ වනවිටත් ප්‍රකාශයක් ලබා ගැනීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

Tuesday, 05 November 2013 - 7:05 PM

--------------------------------------------------------------------
ඝාතනය කළ 5 දෙනෙකුගේ සිරුරු අනුරාධපුර නිවසක.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක්වූ මළ සිරුරු 5ක් පොලීසිය විසින් අද (05) අලූයම සොයා ගත්තා. කාන්තා මළ සිරුරු 3ක් සහ පිරිමි මළ සිරුරු දෙකකුයි මෙලෙස සොයා ගනු ලැබුවේ. එකම පවුලේ පිරිසක් මෙලෙස ඝාතනයට ලක්වී තිබූ අතර 40 හැවිරිදි මව, 23 හැවිරිදි පුතා සහ 13 හැවිරිදි දුව ඒ අතර සිටියා. මිය ගිය කාන්තාවගේ 61 හැවිරිදි සොහොයුරිය සහ ඇයගේ පුතා ද ඝාතනයට ලක්වූවන් අතර සිටින බවයි පොලීසිය පවසන්නේ. මේ අතර, නිවෙස් හිමි පුද්ගලයා බරපතල තුවාල ලබා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මිය ගිය අයගේ සිරුරුවල බරපතල කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අද (05) දහවල් එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකළ බව අනුරාධපුර පොලීසිය ප්‍රකාශ කළා.

 
සිද්ධිය සම්බන්ධයෙන් අවට නිවෙස්වල සිටින කිහිප දෙනෙකුගෙන් අනුරාධපුර පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. තුවාල ලබා රෝහල්ගතව සිටින නිවෙස් හිමි පුද්ගලයා මේ වන විටත්  ප්‍රකාශයක් ලබා ගැනීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. මේ හේතුවෙන් මෙම ඝාතනවලට හේතුව කුමක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බව අනුරාධපුර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුරාධපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙනවා.



Tuesday, 05 November 2013 - 1:04 PM

--------------------------------------------------------------------

අනුරාධපුරයේ නිවසකින් මළ සිරුරු 5ක් සොයා ගැනේ.

අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනයට ලක්වූ මළ සිරුරු 5ක් පොලීසිය විසින් අද (05) අලූයම සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ එකම පවුලේ මව, පුතා සහ දියණියගේ මළ සිරුරු ද මේ අතර වන බවයි.


මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More

රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More