Update :වීඩියෝ: මැක්රේට වීසා.

Tuesday, 05 November 2013 - 9:27

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F.


ආන්දෝලනයකට තුඩුදුන් චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආවරණය කිරීම සඳහා වීසා ලබාදී තිබෙනවා. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙලෙස වීසා නිකුත් කළ බවයි.

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවු බවට චැනල් ෆෝ නාළිකාව විසින් අවස්ථා දෙකකදී වාර්තා චිත්‍රපට දෙකක් විකාශය කළා. එම වැඩසටහන් දෙකෙහිම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ කැලම් මැක්රේයි. එම නාලිකාවේ නවතම ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටියක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා ඔහු අද දිනයේදී ඉන්දියාවට පැමිණීමට අදහස් කරගෙන සිටි අතර එම චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබුණේ හෙට දිනයේදියි.  

මේ අතර නවසීලන්ත සහ මලයාසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ  ඕස්ට්‍රේලියාවේ සෙනෙට් සභික ලී රිනානෙන් සමුළුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන බව රේඩියෝ නිව්සීලන්ඞ් වෙබ් අඩවිය අද වාර්තා කළා.  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික රිනානෙන් විසින් එරට පාර්ලිමේන්තුවට මෙම සංචාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක්ද ලබාදීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආසියානු පැසිෆික් කලාපයේ සාමය සහ සංවර්ධනයට වැදගත් බවයි ඔහුගේ අදහස වී ඇත්තේ. මේ නිසා කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙම සමුළුව මගහැරීමට හේතු සොයාබැලීමද මොවුන්ගේ මෙම සංචාරයේ තවත් අරමුණක් බව රේඩියෝ නිව්සීලන්ඞ් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළා.

Update Wednesday, 06 November 2013 - 7:51 PM
-------------------------------------------------

කැලම් මැක්රේට ශ්‍රී ලංකාවෙන් වීසා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේට මෙරටට පැමිණීමට වීසා නිකුත් කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් සඳහන් කළේ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියක් මත මෙලෙස වීසා නිකුත් කර ඇති බවයි. මොහු මෙරට ආරක්ෂක අංශ අපකීර්තියට පත්වන අයුරින් අවස්ථා දෙකකදී වාර්තාමය චිත්‍රපට නිර්මාණය කළ පුද්ගලයායී. මේවායේ දර්ශන ලක් රජය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Update Wednesday, 06 November 2013 - 1:21 PM
-------------------------------------------------
චැනල් ෆෝ අධ්‍යක්ෂකට ඉන්දියාවෙන් වීසා නැහැ.

ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටයක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොවැම්බර් 7 වන දා ඔහු මෙම වාර්තා චිත්‍රපටය දිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇත්තේ හෙට (06) දිනයේදියි.

 

එහෙත් ලන්ඩනයේ සිට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට දුරකථනයෙන් සම්බන්ධ වූ කැලම් මැකරේ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව තමාට මෙතෙක් වීසා නිකුත් කර නොමැති බවයි. වීසා නිකුත් කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් නොවන අතර, එය අදාළ ක්‍රියාවලියට අනුව සිදුවන්නක් බවයි ඉන්දීය විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ඊ. අහමඞ් ප්‍රකාශ කර ඇත්තේ.

 
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා වීසා ලබාදෙන බවට ලක් රජය ප්‍රකාශ කර තිබියදී ඉන්දියාව තමාට වීසා බලපත් නිකුත් නොකිරීම පිළිගත නොහැකි බවයි කැලම් මැකරේ පවසා ඇත්තේ. මේ අතර චැනල් ෆෝ නාලිකාව සඳහා එම අවසරය ලබාදෙන බව  ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කළා.




Tuesday, 05 November 2013 - 12:50
---------------------------------------------------------------------
චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැකරේට ඉන්දියාවෙන් වීසා නෑ.

ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපටයක් නවදිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැකරේට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නොවැම්බර් 7 වන දා ඔහු මෙම වාර්තා චිත්‍රපටය දිල්ලියේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇත්තේ හෙට (06) දිනයේදියි. එහෙත් ලන්ඩනයේ සිට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට දුරකථනයෙන් සම්බන්ධ වූ කැලම් මැකරේ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව තමාට මෙතෙක් වීසා නිකුත් කර නොමැති බවයි. වීසා නිකුත් කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් නොවන අතර, එය අදාළ ක්‍රියාවලියට අනුව සිදුවන්නක් බවයි ඉන්දීය විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ඊ. අහමඞ් ප්‍රකාශ කර ඇත්තේ.


මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More