ලංකාව ගැන පරීක්ෂණ ප්‍රායෝගික නෑ. - පොදුරද මඩුලූ මහලේකම්.

Tuesday, 05 November 2013 - 12:48

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හෝ යුද්ධයේ දී සිදුවූ බව කියන හිමිකම් උල්ලංගණය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රායෝගික නොවන බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා පවසනවා. බී.බී.සී. ලෝක සේවය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු එවැනි පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් නොමැති බවයි කමලේෂ් ශර්මා සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලය සංහිඳියාව පිළිබද ප්‍රායෝගික ක්‍රියාදාමයන්හි නිරත වනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද එක්වී එවැනි සැලසුමක් සම්පාදනය කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රියා කර ඇති බවයි කමලේෂ් ශර්මා කියා සිටියේ.

 
මේ අතර, කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං සහභාගි විය යුතු යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. ඉන්දීය විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළේ ඉන්දියාවට, ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක සහ ක්‍රමෝපාය අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං  සමුළුවට සහභාගි විය යුතු බවයි. ඉන්දීය කොංග්‍රස් පක්ෂ රජයේ තමිල්නාඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඊට විරෝධය දක්වා තිබෙනවා. 


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More