විනය විරෝධී ගුරුවරුන්ටත් දැඩි නීති.

Tuesday, 05 November 2013 - 19:38

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92.

විනය විරෝධී ලෙස කටයුතු කරන ගුරුවරුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ගුරු වෘත්තියේ සීමාවන් ඉක්මවා යමින් පාසල් පද්ධතිය තුළ කටයුතු කරන ගුරුවරුන් පිළිබඳව ඉදිරිපත් වන පැමිණිලි කඩිනමින් විභාග කර අවශ්‍ය පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක පවසන්නේ. ලේකම්වරයා මේ බව සඳහන් කළේ විනය විරෝධීව හැසිරෙන ගුරුවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලබන පියවර පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින්.

සිය සීමාවන් ඉක්මවා යමින් ගුරුවරුන් විසින් පාසල් සිසුන්ට දඬුවම් කළ අවස්ථා කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ඊට ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ පසුගිය සිකුරාදා දිනයේදීයි. ඒ, අරලගංවිල - විලයාය මහා විද්‍යාලයේ ගුරුවරියක විසින් එම විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට පහරදීම හේතුවෙන් එම සිසුවා රෝහල්ගත කිරීමේ සිද්ධියයි. පොලිතින් කොළයක ඔතා ආහාර පාර්සලයක් පාසලට රැගෙන ආ බව පවසමින් මෙම ගුරුවරයා සිසුවාට පහරදුන් බවටයි වාර්තා පළ වුණේ. පසුව එම පහරදීමෙන් කණට සිදුවු තුවාල හේතුවෙන් අදාළ සිසුවා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසල් මට්ටමින් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අරලගංවිල - විලයාය මහා විද්‍යාලයේ විදුහල්පති සුඛිත් රණසිංහ ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සිදුවු පසුගිය සිකුරාදා දිනයේම වැලිගම - දෙනිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරියක විසින් 11 වන ශ්‍රේණියේ සිසුවෙකුගේ කලිසමක් කැපූ සිද්ධියක් වාර්තා වුණා. කලිසම සිරුරට තද වන සේ හැඳගෙන ආ බව පවසමින් මෙම ගුරුවරිය එලෙස කපා දමා තිබුණේ එම සිසුවාට තිබූ එකම කලිසමයි.

මෙවැනි සිදුවීම් කිසිසේත් අනුමත නොකරන අතර, ඊට එරෙහිව අධ්‍යාපන බලධාරීන් දැඩි පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියා.


කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More