වීඩියෝ : රුවන්වැල්ල රාජසිංහ විදුහල්පතිවරයාට මරණ තර්ජන.

Wednesday, 06 November 2013 - 12:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.
විදුහල්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ගුරුවරු අද (06) දිනයේ වර්ජනයක නිරත වනවා. රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එම්.පී.කරුණාරත්නද දින 03 ක් නිවාඩු දමා පාසලෙන් ඉවත්ව ගොස් තිබෙනවා. විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ඊයේ සවස පාසලේ සිසුන් කිහිප දෙනෙකුට පාසල් කාලයෙන් අනතුරුව අවවාද කර ඇති බව සඳහන්. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුද ඒ අතර සිටි බවයි වාර්තා වන්නේ. ඊයේ සවස 3.30 ට පමණ විදුහලට පැමිණ සිය පුත්‍රයාට අවවාද කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට මරණ තර්ජන එල්ල කර තිබෙනවා. මෙම සිද්ධියට මුහුණ දුන් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමිනුයි එම විද්‍යාලයේ ගුරුවරුන් අද මෙලෙස වැඩවර්ජනයක නිරත වන්නේ. එම ගුරුවරුන් අද (06) පෙරවරුවේ පාසලේ සිට රුවන්වැල්ල නගරය දක්වා විරෝධතා පාගමනකද නිරත වුණා.

 

මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කර මීට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත් රුවන්වැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.ඒ.ධර්මදාස ප්‍රකාශ කළා.

 

විදුහල්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයා මීට පෙර පැය කිහිපයකට පෙර රුවන්වැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (06) පස්වරුවේ රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි රුවන්වැල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More