ඊශ්‍රායලය සහ පලස්තීනය යළිත් කඹ අදී.

Wednesday, 06 November 2013 - 13:10

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%85%E0%B6%AF%E0%B7%93.
පලස්තීන සහ ඊශ්‍රායල සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට පසුබිම සකස් කිරීමේ අරමුණින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා. දෙරට අතර සාම සාකච්ඡා ඊශ්‍රායලයේ - ටෙල්අවිව් අගනුවරදී පැවැත්වෙනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ජෝන් කෙරීගේ මෙම සංචාරයේදී පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්, ඊශ්‍රායල ජනාධිපති ෂිමෝන් ෆෙරේස් සහ එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහු හමුවීමට නියමිතයි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ජනාවාසකරණය පිළිබඳව කලක සිට ගැටළු පවතිනවා. පලස්තීනය ප්‍රකාශ කළේ 1967 දී ඊශ්‍රායලය විසින් පලස්තීනයේ කොටසක් අල්ලා ගැනීමේ අවස්ථාවේ සිට වර්තමානය දක්වා සියලූ කරුණු සාකච්ඡාවට විෂය විය යුතු බවයි. එහෙත් වර්තමාන කරුණු පමණක් දෙරට අතර සාකච්ඡාවට විෂය විය යුතු බව ඊට විරෝධය පළ කරමින් ඊශ්‍රායලය ප්‍රකාශ කළා.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More