පුපුරණ ද්‍රව්‍ය පිරවූ තවත් ලොරියක් වව්නියාවෙන්.

Thursday, 07 November 2013 - 7:14

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.
යුද සමයේදී වවුනියාව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් තවත් ලොරි රථයක තිබී සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 13 ක් සහ ඩෙටනේටර් 36 ක් සොයාගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 2007 වර්ෂයේදී වවුනියාව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කරන ස්ථානයක අතහැර දමාගොස් තිබියදී මෙම ලොරි රථය සොයාගෙන ඇති බවයි. පසුව මේ දක්වා කාලය තුළ එම ලොරි රථය ප්‍රදේශයේ හමුදා කඳවුරක ගාල් කර තිබුණා. කෙසේ වෙතත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට පසුගිය දිනක ලද තොරතුරක් මත මෙම ලොරි රථය පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුවයි ලොරියේ සූක්ෂම ලෙස මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවා තිබියදී සොයාගෙන ඇත්තේ.

 
මීට පෙරද එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානය පිටුපස ගාල් කර තිබූ ලොරි රථයක් තුල තිබී ටී.එන්.ටී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ට අධික ප්‍රමාණයක් සොයා ගත්තා. 1996 වසරේදී කොටහේන සාම විහාරස්ථානයේ නවතා තිබූ මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් අතර එහි තිබී කිලෝග්‍රෑම් 75 ක් බරැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6 ක් සොයා ගැණුනා. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ යුධ සමයේදී සොයා ගැණුනු මෙවැනි වාහනවල තවත් පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි සොයා බැලීම සඳහා අඛන්ඩව පරීක්ෂණ සිදුකරන බවයි.


රුසියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට රැගෙන එයි
Monday, 25 May 2020 - 6:10

කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 25 May 2020 - 5:56

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More

UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More