වීඩියෝ : වසර 27 කට පසු කොලොන්නාවේ සමූපකාර සමිති බලය ආණ්ඩු පක්ෂයට.

Thursday, 07 November 2013 - 8:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+27+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.
වසර 27 කට පසුව, කොලොන්නාව විවිධ සේවා සමූපකාර සමිතියේ බලය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ අධීක්ෂණයෙන් පත් වූ අධ්‍යක්ෂක මණ්ඩලයකට හැකිවුණා. මීට පෙර එහි බලය හිමිව තිබුණේ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායමකටයි. කොළොන්නාව විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ඉකුත්  2 වැනිදා පැවැත්වුණා. එහිදී, සභාපති සහ උප සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු තේරීපත් වූ අතර, ඉන් 7 දෙනෙකු නියෝජනය කළේ ආණ්ඩු පක්ෂයයි. මෙහි පළමු සැසිය කොලොන්නාව විවිධ සේවා සමූපකාර කාර්යාලයේ පැවැත්වුණු අතර, ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට මුල් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වායි. එහිදී අදහස් දැක්වූ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති නිලංග ප්‍රේමසිරි පෙරේරා කියා සිටියේ කොලොන්නාව ගම්වාසීන් සමූපකාර ඡන්දයක් දැක්ක ප්‍රථම අවස්ථාව මෙය බවයි. ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ විධිමත් වැඩපිළිවෙල නිසා කොලොන්නාවට නව ප්‍රබෝධයක් ඇතිවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සඳහන් කළේ කොලොන්නාව සමූපකාර සමිතියට අවශ්‍ය කරන සියලූම පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි. ඕනෑම අවස්ථාවක සෑම කටයුත්තකදීම තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ද එහිදී අදහස් දක්වමින් ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා.

 

නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොලොන්නාව සමූපකාර සමිති සේවකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහන් කළේ කොලොන්නාව සමූපකාර සමිතිය තුළ පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් වංචා සිදුවී ඇති බවයි. මීට අමතරව, හිටපු සභාපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමූපකාරය විනාශ කරලීමට ද කටයුතු කළ බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ආර්.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් කොලොන්නාව සමූපකාර සමිතියට දැන් නව පණක් ලැබී ඇති බව ද ඔවුන් සඳහන් කළා.



වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා - 90ක් කුවේටයෙන් පැමිණි අය බව තහවුරු වෙයි
Tuesday, 26 May 2020 - 7:44

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ්... Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය තවත්, මාර්ගෝපදේශ 50ක් නීතිගත කරයි
Tuesday, 26 May 2020 - 7:34

රට සාමාන්‍යකරණයට ලක් කිරීමේදී ආයතනවල සේවක මණ්ඩලයේ සියළු... Read More