තවත් ව්‍යාජ දෙදහසේ නෝට්ටුවක් බෙන්තොටින් හමුවේ.

Thursday, 07 November 2013 - 8:55

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
තවත් ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටුවක් සමගින් පුද්ගලයෙකු බෙන්තොටදී ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 6 000 ක මුදලක් බෙන්තොට නගරයේ පිහිටි බැංකුවක තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ව්‍යාජ රුපියල් 2000 නෝට්ටුවද ඉකුත් දා ව්‍යාජ 2000 නෝට්ටු මුද්‍රණය කළ සැකකරු විසින් මුද්‍රණය කරන ලද්දක් බවටද පොලීසියට කරුණු හෙළිවී තිබෙනවා.

 

මාලඹේ - පොතුඅරාව ප්‍රදේශයේ සිදුකරගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමේ දී මුද්‍රණය කර සංසරණයට එක් කර තිබූ තවත් ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු ජා-ඇල ප්‍රදේශයෙන් සහ පුත්තලම ප්‍රදේශයෙන් මීට පෙර සොයා ගත්තා. ඊට අමතරව බේරුවල ප්‍රදේශයේ බැංකුවක් වෙත තැන්පත් කිරීමට රැගෙන ආ එවැනිම ආකාරයේ  ව්‍යාජ රුපියල් දෙදහසේ මුදල් නෝට්ටුවක් ද හමුවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ තවදුරටත් මෙම මුදල් සංසරණය වෙමින් පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.


වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More