Update : වීඩියෝ: පොලිසියේ 23 කට මාරු. - කොළඹ හතේ බූරු පොල ඇල්ලූ අයත් ඒ අතර.

Thursday, 07 November 2013 - 10:02

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+23+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94.+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් 23 දෙනෙකුට ස්ථානමාරු ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්.කරුණාරත්න විසින් මීට සති දෙකකට පෙර සිදුකළ නිර්දේශයකට අනුව මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බවයි. දීර්ඝ කාලයක් එකම ඒකකයක සේවය කිරීමේ පදනම මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.   

 
කොළඹ 7 - පුරහල ආසන්නයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොලක් පසුගිය 04 වැනිදා රාත්‍රියේ පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් වටලනු ලැබුවා. එහිදී බූරු ගසමින් සිටි පුද්ගලයන් හතලින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්තා. මෙම වැටලීම සිදුකළ පොලිස් නිලධාරින් ද ස්ථානමාරුවීම් ලබාදුන් නිලධාරින් අතර සිටින බවයි වාර්තා වන්නේ. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එම සිදුවීම සහ ස්ථානමාරු කිරීම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම, මෙම නිලධාරින් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිර්දේශ නිකුත් කර තිබුණේ මීට සති දෙකකට පෙර බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.



Update : Thursday, 07 November 2013 - 12:34 PM
-------------------------------------------------------

පොලිස් නිලධාරින් 23 කට ස්ථාන මාරු.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් පිරිසකට ස්ථානමාරු ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් නිලධාරින් 23 දෙනෙකු මෙලෙස ස්ථානමාරු කර ඇති බවයි. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ උපදෙස් පරිදි මෙය සිදුකර තිබෙනවා. අදාළ නිලධාරින් දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය තුළ සේවය කිරීම මෙම ස්ථාන මාරු කිරීම්වලට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා වෙනත් නිලධාරින් 23 දෙනෙකු අදාළ ඒකකයට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.


ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More