CHOGM වර්ජනය කිරීම වැරදියි. - විලියම් හේග්.

Thursday, 07 November 2013 - 12:34

CHOGM+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%9C%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම වැරදි ක්‍රියාවක් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසනවා. බ්‍රිතාන්‍යයේ පළවන ඬේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විදේශ ලේකම්වරයා කියා සිටියේ තමන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. ලක් රජය ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳව කණගාටු නොවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා. නමුත් එහිදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ මානව හිමිකම් කඩවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ හැකි බවයි විලියම් හේග්ගේ අදහස වී ඇත්තේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් උතුරේ සංචාරයක නිරත වන බව ද විදේශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. එහිදී උතුරේ ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා බලපොරොත්තු වනවා. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වූ පසු, බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයෙකු උතුරේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙයයි.

 

මේ වනවිට, ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ මාතෘකාවක් බවට පත්ව ඇති බවත්, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම තුළින් බ්‍රිතාන්‍යයට ඊට මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බවත්, විදේශ ලේකම්වරයා කියා සිටියා. 2009 වසරෙන් පසු ලක් රජය ප්‍රගතිශීලී පියවරයන් රැසක් ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම සංචාරය තුළ තමන් මෙරට මානව හිමිකම් ක්‍රියාකාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.  

 
කෙසේ වෙතත්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන සොයා බැලීම් පිළිබඳව ලක් රජය කුමන ස්ථාවරයක් දරන්නේ ද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ  ඕනෑම කෙනෙකුට රට තුළට පැමිණීමට අවස්ථාව පවතින බවයි. ඒ තුළින් රට පිළිබඳව පවතින වැරදි මතවාදය දුරුකළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More