යතුරුපැදි හෙල්මට් නීතිය අද සිට අකුරට.

Thursday, 07 November 2013 - 17:00

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7.
ප්‍රමිතියෙන් තොර හිස් ආවරණ පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව අද (07) සිට තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නියමිත ප්‍රමිතියෙන් යුතු හිස් ආවරණයක් පැළඳ සිටින්නාගේ හිසට වැදෙන තද පහරකින් ඔහු ආරක්ෂා වන බවයි. එමෙන්ම අඳුරු වයිසරය සහිත හිස් ආවරණ භාවිත කිරීමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගොස් ඇති බැවින් වර්ණයකින් තොරව වයිසරය පැවතිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. නියමිත ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් භාවිත කිරීම නිසා රිය අනතුරුවලින් මියයන හා තුවාල ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.


වාසුගෙන් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට චෝදනාවක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:54

අපරාධකරුවන් දේශපාලනඥයන් වූ පමණින් අපරාධ වලින් වසන් වීමට... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 27 May 2020 - 13:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය... Read More

රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More