වීඩියෝ: දෙවන ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාව ජනපති අතින් විවෘත කෙරේ.

Thursday, 07 November 2013 - 20:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අද (07) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ ඉදිවු දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ද වනවා. නාගරික සංවර්ධන අධිකාරිය සහ කොරියානු ජාත්‍යන්තර සංස්ථාව එක්ව හම්බන්තොට - සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28 ක භූමි භාගයක මෙය ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 16 ක්. ආසන 1500 කින් සමන්විත ප්‍රධාන ශාලාවක්, ආසන 250 කින් යුත් අනුශාලා 03 ක් සහ කුඩා ශාලා 10 කින්ද සමන්විත මෙම ගොඩනැගිල්ලේ වාහන 400 ක් ගාල් කිරීමේ පහසුකම් ද සලසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව හෙලිකොප්ටර් අංගනයක්ද මෙහි ඉදිකර ඇති අතර, මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවද අද විවෘත කෙරුණු හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතයි.



[JPG]70929_1[/JPG]
[JPG]70929_2[/JPG]
[JPG]70929_3[/JPG]
[JPG]70929_4[/JPG]
[JPG]70929_5[/JPG]
[JPG]70929_6[/JPG]
[JPG]70929_7[/JPG]
[JPG]70929_8[/JPG]
[JPG]70929_9[/JPG]


තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ... Read More

ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More