වසරේ දැවැන්තම සුළි සුළඟ පිලිපීනයට.

Friday, 08 November 2013 - 8:34

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
මේ වසරේ වාර්තාවූ ප්‍රබලතම චන්ඩ මාරුතය හයියාන් පිලිපීනයට දැන් ළඟාවී තිබෙනවා. ඒ, පැයට කිලෝමීටර් 235 ක වේගයකින්. ප්‍රබලතම සුළි සුළඟක් ලෙස හඳුන්වන හයියාන් ගිණිකොන දිග පිලිපීනයේ ගුයියුවාන් ප්‍රදේශයටයි කේන්ද්‍රවී ඇත්තේ. එහි සිටින 47 000 ක පමණ ජන කොටස සමග සන්නිවේදන දැනටමත් අඩාල වී ඇති බව පිලිපීන වාර්තා සඳහන් කළා. සුළි සුළඟ හමා එන ප්‍රදේශයේ පාසල්, රජයේ කාර්යාල, ආදිය වසා දමා ඇති අතර විශාල හානියක් වළක්වාලීම සඳහා දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගැනුනා. කෙසේ නමුත් සුළි සුළඟ මැනිලා අගනුවරට ඍජු බලපෑමක් ඇති නොකරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කළා. පිලිපීන ඉතිහාසයේ දරුණුතම සුළි සුළඟක් වන හයියාන් මගින් විශාල හානියක් සිදුවිය හැකි බවයි සුළි සුළං පිළිබඳ විශේෂඥයෙකු වන ජෙෆ් මාස්ටර්ස් ප්‍රකාශ කළේ.


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More