වීඩියෝ : ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානය ජනපති අතින් විවෘතවේ.

Friday, 08 November 2013 - 7:46

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B7%E0%B7%92%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%80%E0%B7%9A.
සෙල්ල කතරගම වතුරුවා රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ පස්වරුවේ නිරාවරණය කෙරුණා. චෛත්‍ය වටා ඉදිකර ඇති විදුලි ආලෝක පද්ධතියද විවෘත කළ ජනාධිපතිවරයා චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාවද සිදුකළා.

 
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම වියළි කලාපීය උද්භිද උද්‍යානය වන මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. අක්කර 300 ක පමණ භූමි භාගයක පැතිර ඇති මෙම උද්‍යානයේ ඉදිකිරීම් 2008 වසරේදී ආරම්භ කරනු ලැබුවා. වියළි කලාපයට අයත් වන ශාක සංරක්ෂණය කිරීම, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නංවාලීම, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ ඖෂධ පැළෑටි ව්‍යාප්ත කර ඒවා ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනීම මෙම උද්‍යානය ස්ථාපිත කිරීමේ අරමුණු වනවා.














කොරෝනා පාලනය සාර්ථක බැවින් මැතිවරණය පැවැත්විය හැකියි - එස්.බී.
Friday, 29 May 2020 - 13:03

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ... Read More

කුවේටයෙන් පැමිණි 3 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි
Friday, 29 May 2020 - 12:55

විදේශගතව සිට දිවයිනට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 3 දෙනෙකු... Read More

ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාටුනායකට
Friday, 29 May 2020 - 12:48

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගත් ශ්‍රී ලන්කන්... Read More