Update : තේ පර්යේෂණ නිලධාරීන්ටත් තමිල්නාඩුවේ දී විරෝධතා.

Friday, 08 November 2013 - 12:50

Update+%3A+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.
පුහුණුවක් සදහා තමිල්නාඩුවට ගිය මෙරට තේ පර්යේෂණ නිළධාරීන් තුන්දෙනෙකුට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් එල්ල කළ විරෝධතාවයක් හේතුවෙන් ඔවුන් බැංගලෝර් නගරය වෙත මාරුකර යවා ඇති බවට ඉන්දීය වාර්තා පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය තේ පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සරත් අබේසිංහගෙන් කළ විමසීමකදී කියා සිටියේ පුහුණුව සඳහා ගොස් සිටි නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. ඒ, ඔවුන්ගේ පුහුණු කාලසීමාව අවසන් වීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළා. අනෙක් පර්යේෂණ නිලධාරීයා මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.  මෙම නිලධාරීයා බැංගලෝර්හි පුහුණු සැසියට එක්ව සිටින බව අධ්‍යක්ෂවරයා කියා සිටියා. ශ්‍රී ලංකා තේ පර්යේෂණ නිලධාරීන් පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් කොටි හිතවාදී පිරිස් තමිල්නාඩු තේ මණ්ඩල කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන්ට එරෙහි උද්ඝෝෂණ පවත්වා ඇති බව ඉන්දීය වාර්තාවල දැක්වුණා.

Update : Friday, 08 November 2013 - 2:26 PM
---------------------------------------------
තමිල්නාඩුවට ගිය මෙරට නිලධාරීන් 3 කට කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.

පුහුණුවක් සදහා තමිල්නාඩුවට ගිය මෙරට තේ පර්යේෂණ නිළධාරීන් තුන්දෙනෙකුට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කළා. කොටි හිතවාදී පිරිස් තමිල්නාඩු තේ මණ්ඩල කාර්යාලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයන්ට එරෙහි උද්ඝෝෂණ පවත්වා ඇති බවයි එම වාර්තාවල දැක්වූණේ. තේ නිෂ්පාදනය සහ තත්ත්ව පාලනය පිළිබදව වැඩමුළුවක් සදහා මොවුන් සමග තවත් ජාත්‍යන්තර නියෝජිතයන් පස්දෙනෙකු එක්ව තිබෙනවා. මාස තුනක පුහුණු සැසියක් සදහා මොවුන් සහභාගි වී ඇති බවද සදහන්. ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ විරෝධතා හේතුවෙන් මෙම පිරිස බැංගලෝර් නගරය වෙත මාරු කර යවා ඇති බවයි.
 
කෙසේ වෙතත්, මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය තේ පර්යේෂණායතනයෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ සදහන් කළේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් මෙම පුහුණුව සඳහා ගිය නිළධාරීන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු සේවය නිමකර මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි. අනෙක් පර්යේෂණ නිලධාරීයා මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා. මෙම නිලධාරීයා බැංගලෝර්හි පුහුණු සැසියට එක්ව සිටින බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.


මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More