දෙහි ඕවිට කලාපයේ ගුරුවරුන් ලෙඩ වේ.

Friday, 08 November 2013 - 12:43

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B7%80%E0%B7%9A.
දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් අද (08) ලෙඩ නිවාඩු දමා රාජකාරීවලින් ඉවත් වී සිටිනවා. ඒ, රුවන්වැල්ල ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අධ්‍යාපන වෘත්තීකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමට විරෝධය පළ කරමින්. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීමට විරෝධය පළ කරමින් පෙරේදා එම විද්‍යාලයේ ගුරුවරුන් වර්ජනයක නිරත වුණා. විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකුට විදුහල්පතිවරයා අවවාද කර තිබුණා. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුද ඒ අතර සිට තිබෙනවා. එම ව්‍යාපාරිකයා පසුව විදුහල්පතිවරයාට මරණ තර්ජන එල්ල කර තිබූ අතර, ඊට එරෙහිව ගුරුවරුන් සිදුකළ විරෝධතාවයේදී තමන්ට පහරදුන් බවයි අධ්‍යාපන වෘත්තීකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් ප්‍රියශාන්ත ප්‍රේමසිරි කියා සිටියේ. එහිදී විදුහල්පතිවරයාට තර්ජනය කළ සැකකාර ව්‍යාපාරිකයාගේ හිතවතුන් දෙදෙනකු මෙම පහරදී සිදුකළ බව ඔහු කියා සිටියා.

 

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රුවන්වැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී.ධර්මදාසගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ කලාපයේ පාසල් 228 න් 20 ක පමණ ගුරුවරුන් මෙම ක්‍රියාමාර්ගයට එක්ව ඇති බවයි.


මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More

ගොවීන්ගේ සිහිල බොඳ කළ මල් හටගත් ඵල නොමැති උඳු (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:38

සෑම ගොවියෙකුගේම හීනය සරු අස්වැන්නක් ලබා ගැනීම. නමුත් බලාපොරොත්තු... Read More

පිරිසිදු පානීය ජලය නොමැතිව වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මානයක් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:32

මෙරට සියලුම ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම රට කරවන බලධාරීන්ට... Read More