Update :වීඩීයෝ අනියම් සැමියා මැරවූ කෝටිපති කාන්තාව අත්අඩංගුවට.

Friday, 08 November 2013 - 15:01

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
නිතර නිතර මුදල් ඉල්ලා හිරිහැර කිරීම නිසා රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කළ ඔහුගේ අනියම් බිරිද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය හැර යාමේ නියෝග නිකුත් කර තිබූ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වූ 39 හැවිරිදි තුසිත කුමාරසිරි පැහැර ගෙන යෑමේ සිද්ධිය පිළිබදව පොලීසියට තොරතුරු වාර්තා වී තිබුණේ පසුගිය ජුලි 21 වන දායි. ඔහුගේ අනියම් බිරිද ලෙස පෙනී සිටි කොල්ලූපිටියේ පදිංචි හිමාලි කරුණාරත්න නැමැති කෝටිපති ව්‍යාපාරික කාන්තාව සහ ඇයගේ රියදුරු ප්‍රකාශ කර ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂකවරයා සිය කැමැත්තෙන්ම පළා ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එය සැක සහිත බවට අතුරුදන් වූ තුසිත කුමාරසිරිගේ සොහොයුරා පොලිස්පති සහන මැදිරිය වෙත පැමිණිලි කර තිබුණා.


ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබද විමර්ශන ආරම්භ කළා. එහිදී හෙළි වී ඇත්තේ නිතර නිතර මුදල් ඉල්ලා හිරිහැර කිරීම නිසා හිමාලි කරුණාරත්න විසින් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මත හිටපු පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි ඝාතනය කරවා ඇති බවයි. ජුලි 21 වන දා කිතුල්ගල - ගනේපල්ල ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර ඊට සතියකට පසු ඔහුගේ සිරුර පොලීසිය සොයා ගෙන තිබුණා. මාස 3ක් කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ එම දේහය හඳුනා නොගත් මළ සිරුරක් ලෙස සලකා රජයේ වියදමින් භූමදානය කර තිබුණේ මීට දින 10කට පෙරයි.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලූපිටියේ පදිංචි කෝටිපති ව්‍යාපාරික පවුලක එකම දියණිය වන හිමාලි කරුණාරත්න සහ ඇයගේ රියදුරු සම්පත් කාවින්ද පොලීසිය ඊයේ (07) අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඝාතනය සිදුකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කඩුවෙල පදිංචි සුසන්ත නැමැත්තා සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.



/>----------------------------------------------------------------------------------------------------------------
ලක්ෂ 15කට පොලිස් පරීක්ෂක ඝාතනය කරවා ඇත්තේ අනියම් බිරිදයි.

හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිදක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. පසුගිය ජුලි 21 වන දා අතුරුදන් වුණු බවට වාර්තා වුණු මෙම පොලිස් පරීක්ෂකවරයා කිතුල්ගල ප්‍රදේශයේ දී ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මතයි. ඔහුගේ සිරුර ජුලි 28 වන දා කිතුල්ගල පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා. පසුව ඔක්තෝම්බර් 29 වන දා දක්වා එහි තිබූ මළ සිරුර රජයේ වියදමින් භූමදාන කර ඇත්තේ හඳුනා නොගත් මළ සිරුරක් වශයෙන් සලකමින්. කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව නිතර නිතර මුදල් ඉල්ලා කරදර කිරීම නිසා මෙම ඝාතනය අනියම් බිරිද විසින් සිදුකර ඇති බව හෙළි වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇය සහ තවත් තුන්දෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More