ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොළඹ සම්මන්ත්‍රණයට වීසා නැහැ.

Friday, 08 November 2013 - 19:07

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබානොදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය  නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලසීමාවේ රට තුළ වෙනත් සමුළු නොපැවැත්විය යුතු බවට මීට පෙර දැනුවත් කිරීම් සිදුකර තිබූ බවයි.

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය විසින් සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට මෙලෙස වීසා ඉල්ලූම් කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රජය තම සංගමයට වීසා ලබා නොදුන් බවටයි ඔවුන් චෝදනා කරන්නේ. නොවැම්බර් 13ත්, 15ත් අතර දිනයක ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය කොළඹ දී මෙම සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතියේ ස්වාධිපත්‍ය සහ නීතිඥ වෘත්තීය කමිටුවේ නියෝජිතයන් ද පැමිණීමට නියමිතව සිටියා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ සම සභාපතිනී හෙලේනා කෙනඩි සාමිවරිය විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා රජය ඔවුන්ට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය විසින් වීසා ලබා ගැනීමට ඉල්ලූම් කළ ආකාරය ගැටළුසහගත බැවින් ඔවුන්ගේ වීසා ලබානොදීමට තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිතයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ තොරතුරු නිසි අයුරින් ලබා නොදීම ඊට ආසන්තම හේතුවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට  මෙරටට පැමිණීමට වීසා ලබානොදීම අසාධාරණ බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ. තම සංගමය හෙට (09) දිනයේ දී මීට අදාළව ප්‍රකාශයක් නිකුත් කරන බව ද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.


එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More

මහා මැතිවරණය ගැන අදහස්  (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:38

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

මැනිලා අගනුවර විවෘත වෙයි
Monday, 01 June 2020 - 13:23

කොරෝනා වසංගතයත් සමඟ ලොව වැඩිම කාලයක් වසා දමා තිබූ නගරයක්... Read More