සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමේ අවදානමක්.

Saturday, 09 November 2013 - 7:52

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
සපුගස්කන්ද පිරිපහදුවේ දැනට ඇති බොරතෙල් හෙට (10) දිනය දක්වා පමණක් ප්‍රමාණවත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ අද (09) දිනයේ දී පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව කාර්මික දෝෂයක් හේතුවෙන් දින දෙකක් හෝ තුනක් පමා වන බව දන්වා ඇති බවයි. මේ හේතුව නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. හෙට දිනයට පෙර බොරතෙල් නැවක් කොළඹට ළඟා නොවුණහොත් දින කිහිපයක් තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ. පසුගිය මස 27 වන දින ගොඩබෑමට නියමිතව තිබූ තෙල් නැවේ අඩංගු බොරතෙල් ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වූ ඒවා බවට කරුණු හෙළි වුණා. අනතුරුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එම තෙල් ඇණවුම අවලංගු කිරීමට පියවර ගත්තා. මීට පෙර ද බොරතෙල් නැවක් ඇණවුම් කර ඇතත් විවිධ ගැටළු හේතුවෙන් එය ද අවලංගු කිරීමට ඛනිජ තෙල් සංස්ථාව විසින් පියවර ගත් බවයි එම සංස්ථාව සඳහන් කළේ. කෙසේ වෙතත්, කිසිම හිඟයකින් තොරව පිරිපහදු කළ ඉන්ධන සංස්ථාව සතුව පවතින බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා. සපුගස්කන්ද පිරිපහදු මධ්‍යස්ථානය වැසුවහොත් දිනකට කෝටි 20ක පමණ පාඩුවක් සිදුවන බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.


ප්‍රවාහන සේවකයින්ට චීනයෙන් සෞඛ්‍යාරක්ෂිත උපකරණ
Wednesday, 03 June 2020 - 11:06

මගී ප්‍රවාහන සේවකයින්ගේ ආරක්ෂාව සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ... Read More

දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 10:13

දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත්... Read More

වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට
Wednesday, 03 June 2020 - 9:59

වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක... Read More