වීඩීයෝ :බ්‍රිතාන්‍යයෙන් මන්මෝහන්ට පණිවුඩයක්.

Saturday, 09 November 2013 - 7:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දියාව සහභාගි වනු දැකීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාව බව ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් බෙවන් පවසනවා. අයි.බී.එන්. ලයිව් ප්‍රවෘත්ති සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු ඊයේ (08) කියා සිටියේ සමුළුවට ඉන්දියාවේ සහභාගීත්වය අතිශයෙන් වැදගත් වන බවයි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගිවීමට හේතු වූ කරුණු දෙකක් ද ඔහු පැහැදිලි කළා.  

 

‘‘පොදුරද මඩුලූ සමුළුවට බ්‍රිතාන්‍ය සහභාගි විය යුතු බව තීරණය කළේ මීට මාස කිහිපයකට පෙරයි. ඒ, කරුණු දෙකක් මුල් කරගෙන. පළමුව අප පොදුරාජ්‍ය මණ්ඩලය දැඩිව විශ්වාස කරන බව කිව යුතුයි. අප ඊට සහාය දැක්වීම අවශ්‍යයි. එමෙන්ම දෙවනුව ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබදව අපටත් උනන්දුවක් තිබෙනවා. මේ නිසා අප හිතනවා නිවැරදි දෙය නම් ශ්‍රී ලංකාවට ගොස් සියලූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුය කියා. අපේ අගමැතිවරයා මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි වන්නේ ඒ නිසයි.’’

 

ශ්‍රී ලංකාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැකීමට බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ද අපේක්ෂා කරනවා. කෙසේ නමුත්, සමුළුවට සහභාගිවීමේ තීරණය ගත යුත්තේ ඉන්දීය රජය විසින් බව ද නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වැඩිදුරටත් සදහන් කළා.

 
‘‘ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලයට අතිශයින් වැදගත් සාමාජිකයෙක්. මේ නිසා එහි රැස්වීම්වලට ඉන්දියාවේ සහභාගීත්වය අප බෙහෙවින් අගය කරනවා. කෙසේ නමුත් මෙය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ගත යුතු තීරණයක්. මට විශ්වාසයි බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරනුත්, අග්‍රමාත්‍ය මන්මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරද මඩුලූ සමුළුවට සහභාගි වීම දකින්න කැමති බව. නැවතත් කියන්න  ඕන ඒක ඉන්දීය රජය ගත යුතු තීරණයක්.’’




වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More