Update : පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා දිවයිනට.

Saturday, 09 November 2013 - 12:55

Update+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා අද (09) පස්වරුවේ දිවයිනට පැමිණියා. ඒ, බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින්. මෙවර සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පළමු  ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ද ඔහුයි. දිවයිනට පැමිණීමට පෙර ඉන්දියාවේ හින්දු පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ පොදුරාජ්‍ය මණ්ඩල හරයන්ට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් පියවර රැසක් ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියා ක්‍රියාමාර්ග පොදුරාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණ සහ මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවක් ගොඩනැංවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ද පොදුරාජ්‍ය මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති බව කමලේෂ් ශර්මා එහිදී සඳහන් කළා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේ කටයුතු හෙටින් ඇරඹෙන්නේ හම්බන්තොටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව සහ හික්කඩුවේදී පැවැත්වෙන මහජන සමුළුවත් සමඟයි. එම සමුළු හෙට සිට 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සමුළුවට ශ්‍රී ලංකාව හැර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල තම නියෝජිතයන් 106 දෙනෙකු එක්වනවා. මෙරට තරුණ නියෝජිතයන් 50 දෙනෙකු ද ඊට සහභාගි වන බවයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. තරුණ සමුළුවේ අවසන් දිනය වන 14 වැනිදා එම නියෝජිතයන්ට දිවයිනට පැමිණ සිටින පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් හමුවීමට ද අවස්ථාව සැලසෙනවා.

හෙට (10) හික්කඩුවේදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ අරමුණ වන්නේ සාමාජික රටවල මහජනතාවගේ අදහස් සිවිල් සංවිධාන හරහා ඉස්මතු කිරීමයි. එහිදී සාකච්ඡා කරන කරුණු රාජ්‍ය නායක සමුළුවට ඉදිරිපත් කෙරෙන්නේ විදේශ අමාත්‍යවරුන් මගින්.

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන අදාළ රටවල රාජ්‍ය නායකයන් අද (09) සිට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔවුන් පිළිගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර අවසන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. විදෙස් රාජ්‍ය නායකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර ඇති බව ද, විදේශ අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

Update Saturday, 09 November 2013 - 7:24 PM

------------------------------------------------------------------------------
කමලේෂ් ෂර්මා දිවයිනට පැමිණෙයි.


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියා. බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වන අදාළ රටවල නියෝජිතයන් ගුවන්තොටුපලේ සිට කොළඹට පැමිණෙන්නේ කටුනායක අධිවේගී මාර්ගය, බේස්ලයින් පාර, කනත්ත හන්දිය හරහා බෞද්ධාලෝක මාවතට පැමිණීමෙන් අනතුරුවයි. ඒ අනුව, අදාළ කාලසීමාවන් වලදී විටින් විට මෙම මාර්ග වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා. 
[JPG]71039_1[/JPG]
[JPG]71039_2[/JPG]

Saturday, 09 November 2013 - 1:47 PM
--------------------------------------
ශ්‍රී ලංකාව පොදුරද මඩුලූ හරයන් සමඟ ඉදිරියට.

පොදුරාජ්‍ය මණ්ඩල හරයන්ට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් පියවර රැසක් ගෙන ඇති බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා පවසනවා. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ පීඩාවන්ට පත්වීමේ සිද්ධීන් පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික යාන්ත්‍රණයක් සැකසීමට ද ශ්‍රී ලංකාව සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව සඳහා පිටත්වීමට පෙර මහලේකම් කාර්යාල මූලස්ථානයේ සිටයි ඔහු මෙම සාකච්ඡාව ලබාදී ඇත්තේ.

 

එහිදී පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා පවසා ඇත්තේ පීඩාවන් පිළිබද පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම යටතේ බිහි වන නව යාන්ත්‍රණය පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් පිහිටුවන බවයි. එහිදී යුද්ධයේ අවසන් සමයේ සිට මේ දක්වා සිද්ධීන් පිළිබද කරුණු සොයා බලනු ඇති. පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය මාස 18ක් තුළ සම්පූර්ණ කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.  

 

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියා ක්‍රියාමාර්ග පොදුරාජ්‍ය මණ්ඩලයේ අධීක්ෂණ සහ මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවක් ගොඩනැංවීමේ ප්‍රගතියක් අත් කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ද පොදුරාජ්‍ය මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති බව කමලේෂ් ශර්මා කියා සිටියා.  

 
මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වය තවමත් පවතින්නේ අවිනිශ්චිත මට්ටමකයි. ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ මන්මෝහන් සිංගේ සහභාගිත්වයෙන් ඉහළ පෙලේ හමුවක් ඊයේ (08) පැවති අතර, එහිදී ගත් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.


එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More

ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More