Update : මාලදිවයින් ජනපතිවරණයේ දෙවන වටය 16 වැනිදා.

Saturday, 09 November 2013 - 14:17

Update+%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA+16+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.
ඊයේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයේ දෙවන වටය අද (10) පැවැත්වීමට නියමිත වූවත්, එය කල්දමන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 16 වැනිදා දෙවන වටය පැවැත්වෙනු ඇති. ඊයේ (09) පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් 46% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එහෙත් යම් අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් මැතිවරණයේ දෙවන වටයක් පැවැත්විය යුතු වනවා. එය අද (10) පැවැත්වීමට නියමිතව තිබුණත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂක අබ්දුල්ලා යාමින් ඊට විරෝධය පළ කර තිබුණා.
Update : Sunday, 10 November 2013 - 9:33 AM

-----------------------------------------------------------
මාලදිවයින් ජනාධිපතිවරණය යළිත් අර්බුදයක.

ඊයේ (09) පැවැත්වූ මාලදිවයින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව යළිත් ගැටලූකාරි තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත්වීම හේතුවෙන්. ඒ අනුව, එහි දෙවන වටය අද (10) පැවැත්වීමට නියමිතව තිබුණත් ඊට දෙවන තැන හිමිකර ගත් අපේක්ෂකයා කැමැත්ත පළ නොකිරීම නිසා ඒ පිළිබඳව යළි ගැටලූකාරි තත්ත්වයක් මතුවුණා. ඊයේ පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් සියයට 46 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඉදිරියෙන් සිටිනවා. මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව නව ජනපතිවරයා හෙට වනවිට දිවුරුම් දිය යුතුයි.

rn
 
rn
Update :  Sunday, 10 November 2013 - 7:44 AM
rn
-------------------------------------------------------------------------------
මාලදිවයින් ජනපතිවරණයේ දෙවන වටය හෙට.

Saturday, 09 November 2013 - 14:17

අද පැවැත්වෙන මාලදිවයින් ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත්වුවහොත් එහි දෙවන වටය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා නොවැම්බර් 16 වැනිදා කලින් දින නියම කර තිබූ නමුදු මැතිවරණ කොමිසම පසුව ප්‍රකාශ කළේ දෙවන වටය ඉරිදා පවත්වන බවයි. මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡුන්ද විමසීම අද උදෑසන ආරම්භ වූ අතර, අද රාත්‍රියේදී ප්‍රතිඵල අපේක්ෂා කෙරෙනවා. මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නව ජනපතිවරයා නොවැම්බර් 11 වැනිදා වනවිට දිවුරුම් දිය යුතුයි.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More