පෞද්ගලික බස් සේවකයන්ටත් ජංගම දුරකතන නීතිය.

Saturday, 09 November 2013 - 19:18

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.
බස් රථ ධාවනයේදී රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමේ නීතිය ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවලට භේදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් මෙම තීරණය පොදුවේ සියලූ බස් රථ සඳහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

අමාත්‍යවරයා එසේ පැවසුවද මෙම තීරණය පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බස් සංගම් අතර පවතින්නේ පරස්පර අදහස්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙම නීතිය පෞද්ගලික බස් රථ සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසන්නේ මෙම තීරණය බස් රථ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

රාජකාරී වේලාව තුළ ශ්‍රී ලංගම බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ජංගම දුරකතන ළඟ තබා ගැනීම තහනම් කරමින් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කළා.


මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More