Update :වීඩියෝ: මගේ ජනතාව සොයමින් සිටින්නේ තිරසාර සාමයයි. ජනපති / CHOGM 2013

Sunday, 10 November 2013 - 7:35

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%2F+CHOGM+2013
මගේ රට සහ මගේ ජනතාව දැන් සොයමින් සිටිනුයේ හුුදු සාමය නොව තිරසාර සාමය හා සංහිදියාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනතා කේන්ද්‍රීය ප්‍රගමනය උදෙසා කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ගාල්ල කොටු පවුරේ දී ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. මෑතකදී එළිදැක්වුණු පොදුරාජ්‍ය මණ්ඩලය සංසන්දනාත්මකව 2013 වාර්තාවට අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන් අතර 15 වන ස්ථානයත්, ලෝකයේ ජාතීන් අතර 68 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට හිමි වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

Update : Monday, 11 November 2013 - 7:34
--------------------------------------------------------------------------------------
පොදුරද මඩුලූ මූලධර්ම ආරක්ෂා කිරීමට කැප වනවා. - ජනපති.


පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ සමාරම්භක උත්සවය මේ වන විට ගාල්ල - කොටුවේදී පැවැත්වෙමින් තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 5ටයි පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ආරම්භ වුණේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය අද (10) පෙරවරුවේ හම්බන්තොට දී  ආරම්භ වුණා. ඒ, මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදියි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය සඳහා රටවල් 79ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් 130කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. ඊට ශ්‍රී ලාංකික නියෝජිතයින් 25 දෙනෙකු ද ඇතුළත්. ‘‘සහභාගීත්ව සංවර්ධනය වඩාත් ශක්තිමත්ව එකමුතුව’’ යන්න මෙවර තරුණ සමුළුවේ තේමාවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතමින් සඳහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලයට මඟ පෙන්වීමේ කාර්යය ශ්‍රී ලංකාවට හිමි වන ඉදිරි වසර 2 තුළ එහි මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැප වන බවයි.

සමුළුව ඇමතූ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා ප්‍රකාශ කළේ මෙවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව තුළින් තාක්ෂණය පොදුරාජ්‍ය මණ්ඩලයේ හරයන් අර්ථ ගැන්වීමට භාවිත කළ බවයි.   

මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදයේ සමාරම්භක උත්සවය ආරම්භ වී තිබෙනවා.



Sunday, 10 November 2013 - 07:31
-------------------------------------------------------------------------------------------

පොදුරද මඩුලූ තරුණ සමුළුව හම්බන්තොටදී ඇරඹේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව සංවිධාන කරන තරුණ සමුළුවේ නිල කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ, හම්බන්තොට රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදියි. සමාරම්භක උත්සවය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මාද ද එක්ව සිටියා. තරුණ සමුළුව සඳහා විදෙස් රටවල් රැසක් නියෝජනය කරමින් තරුණ නියෝජිතයන් 106 දෙනෙකු සහ නිරීක්ෂකයන් 20 දෙනෙකු එක්ව සිටිනවා. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පැමිණ සිටි පිරිස පිළිගැනීමෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා විසින් එය අමතනු ලැබුවා.  

 
ඉන් අනතුරුව සමුළුව ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම සමුළුවට එක්වන පිරිස අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙන්ම ආදිවාසී තරුණ තරුණියන් සිටීම පිළිබඳව තමා ඉමහත් සතුටට පත්වන බවයි. මෙරට ජනගහණයෙන් සියයට 26 ක් තරුණ තරුණියන්. එම පිරිස් වෙනුවෙන් රජය කැපී පෙනෙන වැඩකොටසක් ඉටුකර ඇති අතර එහි ප්‍රධාන තැනක් තරුණ පාර්ලිමේන්තුවට හිමිවන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

[JPG]71072_1[/JPG]

[JPG]71072_2[/JPG]

[JPG]71072_3[/JPG]

[JPG]71072_4[/JPG]

[JPG]71072_5[/JPG]

[JPG]71072_6[/JPG]
[JPG]71072_7[/JPG]
[JPG]71072_8[/JPG]
[JPG]71072_9[/JPG]
[JPG]71072_10[/JPG]
[JPG]71072_11[/JPG]
[JPG]71072_12[/JPG]
[JPG]71072_13[/JPG]
[JPG]71072_14[/JPG]
[JPG]71072_15[/JPG]
[JPG]71072_16[/JPG]
[JPG]71072_17[/JPG]
[JPG]71072_18[/JPG]
[JPG]71072_19[/JPG]
[JPG]71072_20[/JPG]
[JPG]71072_21[/JPG]
[JPG]71072_22[/JPG]
[JPG]71072_23[/JPG]
[JPG]71072_24[/JPG]
[JPG]71072_25[/JPG]
[JPG]71072_26[/JPG]
[JPG]71072_27[/JPG]
[JPG]71072_28[/JPG]


Update :Sunday, 10 November 2013 - 01:06
-------------------------------------------------------------------------------------------

පොදුරඳ මඩුලූ තරුණ සමුළුව සහ මහජන සමුළුව අද.
Sunday, 10 November 2013 - 7:35

ලොවක් හමුවන රටක් යන තේමාව යටතේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ කටයුතු අද (10) ඇරඹෙන්නේ හම්බන්තොටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව සහ හික්කඩුවේදී පැවැත්වෙන මහජන සමුළුවත් සමඟයි. ඒවා අද සිට 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට රුහුණුමාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වන තරුණ සමුළුවට රටවල් 41 ක නියෝජිතයින් එක්වනවා. තරුණ සමුළුවේ අවසන් දිනය වන 14 වැනිදා එම නියෝජිතයන්ට දිවයිනට පැමිණ සිටින පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් හමුවීමට ද අවස්ථාව සැලසෙනු ඇති. ඊයේ හම්බන්තොටට පැමිණි තරුණ නියෝජිතයන් ඉතා උණුසුම් අයුරින් පිළිගැණුනා.

අද ගාල්ල කොටුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුවේ සමාරම්භය සිදුවන අතර, සමුළු සැසිය, හික්කඩුවේදී පැවැත්වීමට නියමිතයි. ජනතා සංසදයේ අරමුණ වන්නේ සාමාජික රටවල මහජනතාවගේ අදහස් සිවිල් සංවිධාන හරහා ඉස්මතු කිරීමයි. එහිදී සාකච්ඡා කරන කරුණු රාජ්‍ය නායක සමුළුවට ඉදිරිපත් කෙරෙන්නේ විදේශ අමාත්‍යවරුන් මගින්.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More