මාධ්‍ය හමුවකට සැරසුණු විදේශීය සෙනෙට් සභිකයින් 2ක් අත්අඩංගුවට.

Sunday, 10 November 2013 - 12:57

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත සහ  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගෙන ඇති බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කළා. ඔහු කියා සිටියේ මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැළසුම් කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සාමාන්‍යයෙන් මෙවැනි කටයුත්තකට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතු බවද ආගමන විගමන පාලකවරයා සඳහන් කළා. මීට පෙර  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික ලී රිනානෙන් මෙම සමුළුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන බවට කළ ප්‍රකාශය රේඩියෝ නිව්සීලන්ඞ් වෙබ් අඩවිය පසුගිය 6 වැනිදා වාර්තා කර තිබුණා.

 

 
මේ අතර ප්‍රශ්න කිරීමට ලක්වූ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු පසුගිය 31 වැනිදා රටින් පිටකිරීමට තීරණය කළ බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කළා.  පසුගිය 30 වැනිදා මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කරනු ලැබුවේ සංචාරක වීසා මත මෙරට වැඩමුළුවකට සහභාගිවී සිටීම හේතුවෙන්. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කැඳවා තිබූ වැඩමුළුවකට මෙලෙස සහභාගිවී සිටියේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආසියා - පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැක්ලීන් පාකර් සහ තවත් සාමාජිකාවක්. සංචාරක වීසා මත පැමිණ වැඩමුළු පැවැත්විය නොහැකි බැවින් මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනා රටින් පිටකිරීමට තීරණය කළ බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.