ඉන්දීය අගමැති ජනපතිට ලියයි.

Sunday, 10 November 2013 - 19:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. හින්දු පුවත්පත අනාවරණය කළේ කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගි නොවන බව එම ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි. ඊට අමතරව සමුළුවට සහභාගී වීමට නොහැකිවීම පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ලිපිය මගින් කණගාටුව පළකර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවීමට හේතුව එම ලිපිය මගින් දක්වා නොමැති බවටද හින්දු පුවත්පත සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යොමුකළ කෙටි ලිපිය ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත අද (10) දිනයේ යොමුකිරීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් කියා සිටියේ.   

කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවීම හේතුවෙන් එහි ප්‍රධානත්වය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් වෙත පවරා තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හට කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි නොවන ලෙස තමිල්නාඩුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. කොංග්‍රස් රජය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙක් ප්‍රකාශ කළේ  අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගි නොවිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අවස්ථා කිහිපයකදී රැස්වුණා. කෙසේවෙතත් අවසානයේදී තීරණය වුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවැත්වෙන සමුළුවට සහභාගී නොවීමටයි.
 
1993 වසරෙන් පසු පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු 10 කදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඊට සහභාගි වී ඇත්තේ අවස්ථා 5 කදී පමණයි. එක් අවස්ථාවක් උප ජනාධිපතිවරයෙකු ඊට සහභාගි වී ඇති අතර සෙසු සෑම අවස්ථාවකම විදේශ අමාත්‍යවරයා හෝ ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙකු ඊට සහභාගි වී ඇති බවයි හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා - 90ක් කුවේටයෙන් පැමිණි අය බව තහවුරු වෙයි
Tuesday, 26 May 2020 - 7:44

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ්... Read More