වීඩියෝ: සෙනෙට් සභිකයින් දෙදෙනා රටින් පිටවීමට එකඟ වෙයි.

Sunday, 10 November 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම්ව සිටියදී ප්‍රශ්න කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන්ගේ භාරයට ගත් නවසීලන්ත සහ  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට එකඟතාවය පළකර තිබෙනවා. ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා සඳහන් කළේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු අද (10) දිනයේත් අනෙක් සෙනෙට් සභිකයා හෙට දිනයේත් ශ්‍රී ලංකාවෙන් පිටව යාමට එකඟතාවය පළ කර ඇති බවයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වූ මොවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ භාරයට ගනු ලැබුවේ අද (10) පෙරවරුවේදියි. සාමාන්‍ය නීතියට අනුව මෙවැනි කටයුත්තක් සිදුකිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගත යුතු වනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලගෙන් විමසීමක් කළා. අධ්‍යක්ෂවරයා සදහන් කළේ මෙරටට  ඕනෑම අයෙකුට පැමිණිය හැකි වුවත් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු බවයි.



ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More

මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More