‘හයියාන්’ට බියෙන් වියට්නාමයේ හය ලක්ෂයක් ඉවතට.

Sunday, 10 November 2013 - 19:41

%E2%80%98%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%99%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

දසදහසකට ආසන්න පිරිසකට මරු කැඳවමින් පිලිපීනයට බලපෑ හයියාන් සුළි කුණාටුව වියට්නාමය වෙත ළගාවෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. සුළි කුණාටුවේ බලපෑමට ලක්වේ යැයි බලාපොරොත්තුවෙන් වියට්නාමයේ උතුරු දිග ප්‍රදේශයෙහි ජනතාව හය ලක්ෂයකට වැඩි පිරිසක් අද (10) ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. හයියාන් සුළි කුණාටුව හෙට උදෑසන වන විට වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ ගොඩබිම වෙත කඩාවැදීමට ඉඩ ඇති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් සුළි කුණාටුවෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව ඉවත් කිරීමට යාමේදී පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හයියාන් සුළි කුණාටුව හේතුවෙන්  පිලිපීනයේ අවතැන් වූ ජනතාවට මේ වනවිට ලොව රටවල් රැසකින් ආධාර ලැබෙමින් පවතිනවා. නවසීලන්තය සහ  ඕස්ට්‍රේලියාව ඒ අතරින් ප්‍රමුඛයි. මේ වනවිටත්  සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් පිලිපීන වැසියන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර සහන ලබාදීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 


ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More