වීඩියෝ: ඉන්දීය අගමැතිගේ තීරණය වැරදියි. නවසීලන්ත අගමැති. / CHOGM 2013

Monday, 11 November 2013 - 12:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.+%2F+CHOGM+2013
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ගනු ලැබූ තීරණය වැරදි බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී පවසනවා. ඔහු කියා සිටියේ මන්මෝහන් සිං මෙම තීරණය ගනු ලැබුවේ එරට දේශපාලන කණ්ඩායම්වලින් එල්ලවන බලපෑම් හේතුකරගෙන බවයි. ඊට අමතරව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාද රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම වැරදි බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මතය වී තිබෙනවා. ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන් සහ විදේශ අමාත්‍ය මරේ මැකලි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එක්වන බවයි. ඊට අමතරව තම නියෝජිතයන් උතුරේ සංචාරය කිරීමටද බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. තම රට රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නේ ලක් රජය සතුටු කිරීමට නොවන බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගිවීම වැදගත් නිසා බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි  එම පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීම තුළින් හැඟෙන්නේ නවදිල්ලි නුවර සහ කොළඹ අතර සම්බන්ධය පිරිහීමට ලක්වී ඇති බවයැයි හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.


කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවීම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අසාර්ථකත්වයට හේතුවක් නොවන බව ද ආචාර්ය දයාන් ජයතිලක තවදුරටත් ප්‍රකාශ කළා.

 
මේ අතර රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙස  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට්ටද එරට විවිධ දේශපාලන පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ලවන බවට අද මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. මෙලෙස බලපෑම් එල්ල කරන පිරිස අතර ඊයේ ප්‍රශ්න කිරීම් සඳහා ආගමන විගමන බලධාරීන් භාරයට ගනු ලැබූ නවසීලන්ත සහ  ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයන් දෙදෙනාද වන බව සඳහන්. සංචාරක වීසා මත පැමිණ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊයේ මොවුන් දෙදෙනා ප්‍රශ්න කිරීම් සඳහා ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබුවා. ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටවීමේ එකඟතාවය මත මුදා හැර තිබෙනවා.




වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා, වැටලීම් ඇරඹේ
Friday, 29 May 2020 - 13:10

වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා අද සිට... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ චීනය අභිබවයි
Friday, 29 May 2020 - 13:09

කොරෝනා වැළඳීමෙන් ඉන්දියාවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව,... Read More

රාජිතගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභ කරන්නැයි, නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි
Friday, 29 May 2020 - 13:06

මහාධිකරණය විසින් ඇප අවලංගු කරමින් පසුගිය 13 වැනිදා නිකුත්... Read More