UPDATE: වීඩියෝ: චැනල් ෆෝ මැක්රේ කොළඹ මාධ්‍ය හමුවක.

Monday, 11 November 2013 - 15:52

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+++%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි බලවේගය සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ, හෙට සහ අනිද්දා ඔවුන් පැවැත්වීමට නියමිත මානව හිමිකම් උළෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහායි.

 
මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අතරවාරයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ එම ස්ථානයට පැමිණියා. ඔහු සමග එම නාලිකාවේ තවත් සාමාජිකයන් තුන්දෙනෙකු එලෙස පැමිණි අතර ඔවුන් එලෙස පැමිණ තිබුණේ මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහායි. මාධ්‍ය හමුවෙන් අනතුරුව දේශීය මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින්, කැලම් මැක්රේ ප්‍රකාශ කළේ තමන්ට සාක්ෂි ලැබුණහොත් ඉදිරියේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් බවයි.





Update Tuesday, 12 November 2013 - 07:11 PM

-------------------------------------------------------------------------------------------------------
චැනල් ෆෝ මැක්රේ මාධ්‍ය ආවරණයක.


දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේ අද සමගි බලවේගය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට පැමිණියා. ඔහු සමග චැනල් ෆෝ නාලිකාවේ තවත් නියෝජිතයෙකු එම මාධ්‍ය හමුව ආවරණය කිරීම සඳහා පැමිණ සිටි බවයි එම මාධ්‍ය හමුව ආවරණය කිරීමට ගිය අප වාර්තාකරු සඳහන් කළේ. චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ  ඇතුලූ නියෝජිතයන් පිරිසක් ඊයේ දිවයිනට පැමිණි අතර ඔවුන් පැමිණෙන අවස්ථාවේදි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ජාතික සමගිය ගොඩනැගීමේ සංසදය විසින් විරෝධතාවක් ද පවත්වනු ලැබුවා.

 Tuesday, 12 November 2013 - 03:49 PM
-----------------------------------------------------------------------------------
කැලම් මැක්රේගේ ශ්‍රී ලංකා ගමන ගැන රහසක් හෙළිවේ.


කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ සාමාජිකයින් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවට එරෙහි තවත් වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව ජාතික සමගිය ගොඩනැගීමේ සංසදය චෝදනා කළා. චැනල් ෆෝ නියෝජිතයින් ඊයේ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි අතර, ඔවුන්ට එරෙහිව ඊයේ (11) ගුවන්තොටුපළ පරිශ්‍රයේ ජාතික සමගිය ගොඩනැගීමේ සංසදය විරෝධතාවයක ද නිරත වුණා. එහි කමිටු සාමාජික රංජිත් විතානගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දේශහිතෛෂී සංවිධාන රැසක් මෙරට තුළ ක්‍රියාත්මක වුවත් එවැනි කිසිදු සංවිධානයකට මැක්රේට එරෙහි විරෝධතා පැවැත්වීමට නොහැකි වූ බවයි.

 
අප මේ සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මෙම අවස්ථාවේදී වර්ජන, උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.


Tuesday, 12 November 2013 - 12:56 PM
-------------------------------------------------------
කැලම් මැක්රේ දිවයිනට.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ කටයුතු ආවරණය කිරීම සඳහා ආන්දෝලනයට තුඩු දුන් චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ අද (11) දිවයිනට පැමිණියා. බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත්, ගුවන් යානයකින් ඔහු සමඟ එම නාලිකාවේ තවත් මාධ්‍යවේදීන් පිරිසක් මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවු බවට චැනල් ෆෝ නාළිකාව විසින් අවස්ථා තුනකදී වාර්තා චිත්‍රපට තුනක් විකාශය කළා. මෙරට ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකාවක ඝාතනය කළ බව කියන වීඩියෝ පටය ද ඊට ඇතුළත්. එම වැඩසටහන් තුනෙහිම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ කැලම් මැක්රේයි. මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ප්‍රකාශ කළේ එමගින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන්ට පණිවුඩයක් ලබාදෙන බවයි. කෙසේ වෙතත්, එය නවදිල්ලියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ඔහු ඉන්දියාවට පැමිණීමට උත්සාහ කළත්, එය අසාර්ථක වුණේ ඔහුට වීසා ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. නමුත්, කැලම් මැක්රේට මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා රජය වීසා ලබාදීමට තීරණය කළා.

කෙසේ වෙතත්, අද (11) ඔහු දිවයිනට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපලෙහි මගී පිටවීමේ පර්යන්තය ආසන්නයේ ජාතික සමගිය ගොඩනැගීමේ සංසදය විරෝධතාවයක නිරත වුණේ කැලම් මැක්රේ ඇතුළු චැනල් ෆෝ සාමාජිකයින්ට මෙරටට පැමිණීම සඳහා වීසා ලබාදීමට විරෝධය පළ කරමින්. එහිදී අදහස් දැක්වූ එම සංසදයේ කැඳවුම්කරු එච්.කේ.ඞී.චන්ද්‍රසෝම කියා සිටියේ කැලම් මැක්රේට වීසා ලබාදීමට රජයට උපදෙස් දුන් අයගේ කශේරුකාව පිළිබද ගැටළු ඇති බවයි.                                                          

පසුව, එම සංසදයේ නියෝජිතයින් කැලම් මැක්රේ ඇතුළු චැනල් ෆෝ සාමාජිකයින් ලැගුම් ගෙන සිටින යූනියන් පෙදෙසේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වුණා.  කෙසේ වෙතත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැලම් මැක්රේ ඇතුලූ චැනල් ෆෝ සාමාජිකයින්ට මෙරටට පැමිණීම සඳහා වීසා ලබාදීම පිළිබඳව මාධ්‍යවේදීන් ඊට එක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ ලංකාවේ සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට ඔහුට අවස්ථාවක් ලබාදුන් බවයි. 



Monday, 11 November 2013 - 07.02 PM
-----------------------------------------------------

කැලම් මැක්රේ දිවයිනට. - කටුනායක උද්ඝෝෂණයක්.

ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ වැඩසටහන් නිපද වූ චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේ අද දිවයිනට පැමිණියා. ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට කැලම් මැක්රේට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. අනතුරුව පොලිසියේ මැදිහත්වීම මත විරෝධතාකරුවන් විසිර ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර 04ක් අම්බලන්ගොඩදී වටලයි
Monday, 01 June 2020 - 11:05

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී... Read More

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට අයි.එන්.එස්. ජලස්මා කොළඹ වරායට
Monday, 01 June 2020 - 10:44

මෙරට සේවයේ නියුතුව සිටි ඉන්දීය ජාතිකයින් 700 ක් නැවත සිය රට... Read More