දියවන්නාවට පැන්න මුවන් දෙදෙනෙකු බේරා ගැනේ.

Monday, 11 November 2013 - 18:50

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේ ඉදිකෙරෙන සත්වෝද්‍යානයට රැගෙන ආ මුවන් දෙදෙනෙකු දියවන්නා ඔයට වැටී සිටියදී අද (11) පස්වරුවේ බේරා ගනු ලැබුවා. දෙහිවල සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් කළේ නාවික හමුදාවේ සහය ඇතිව මෙම සතුන් දෙදෙනා බේරා ගැනීමට හැකිවූ බවයි. අනතුරට පත් මුවන් දියවන්නා ඔයට ගිය ආකාරය තවමත් අනාවරණ වී නොමැති බවයි ඇය සඳහන් කළේ.                                   

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඉදිකෙරෙන මෙම සත්වෝද්‍යානය අක්කර 3 ක පමණ භූමි ප්‍රදේශයක ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ සඳහා සතුන් රැගෙන එන්නේ දෙහිවල සත්වෝද්‍යානයෙන්. දැනට දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අමතර සතුන් මෙම සත්වෝද්‍යානයට යොමු කෙරෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව, ගෝනුන්, මුවන්, මීමින්නන්, ඉබ්බන් ඇතුලූ සතුන් විශේෂ රැසක් මෙහි රැඳවීමට නියමිතයි. මෙම සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙදෙනෙකු ගෙන ඒමට නියමිතව තිබුණ ද එම සතුන් සඳහා සුදුසු පරිසරයක් එහි නොමැති බැවින් එය කල් දමා තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පැමිණෙන විදේශ නියෝජිතයන්ට මෙම සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවෙන් පසුව ද අදාළ සත්වෝද්‍යානය ජනතාවට දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි තීරණය වී ඇත්තේ.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 06 June 2020 - 17:56

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1806ක් වෙයි
Saturday, 06 June 2020 - 17:54

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1806ක් දක්වා... Read More

වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More